( තිලකරත්න දිසානායක)

පළාත් පාලන මැතිවරණයෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දහවල් සිදු කෙරිණි.

දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රුවන් විජයවර්ධන සදහන් කර සිටියේ, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් හොද කණ්ඩායමක් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් තරඟ කිරීමට ඉදිරිපත් කොට ඇති බවත් මෙම සියලුම දෙනාගේ ජයග්‍රහණය නියත බවත්ය.

අද සවස වනවිට පළාත් පාලන මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයහි පළාත් පාලන ආයතන 19 වෙනුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 13 ක් විසින් ඇප මුදල් තැන්පත් කොට තිබිණි.