IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


එංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනී

(විමුක්ති එස් රුද්‍රිගු)

යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය වෙනුවට බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැනටමත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයට අපනයන කරන නිෂ්පාදනවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තීරුබදු රහිතව අපනයනය කිරීම මගින් ශ්‍රී ලංකාව අඛණ්ඩව ප්‍රතිලාභ ලබනු ඇති බවත් බ්‍රිතාන්‍ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම තුළින් බ්‍රිතාන්‍ය වෙත අපනයනය කරන ආහාර සහ රෙදිපිළි ඇතුළුව අතිරේක නිෂ්පාදන වර්ග 150 කට පමණ බ්‍රිතාන්‍යයේ ආනයන බදු කපා හැරීමක් හෝ සහනයක් හිමිවනු ඇතිබවත් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.

මෙමගින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ළදරු ඇඳුම් සඳහා සියයට 12 කින් බ්‍රිතාන්‍යයේ ආනයන බදු අඩු කිරීමක් ලැබෙන බව පැවැසෙයි.

මෙම යෝජනා ක්‍රමයට  සංවර්ධනය වෙමින් පවතින රටවල් 65 ක් මෙයට ඇතුළත් වන බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මෙම යෝජනා ක්‍රමය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයනයන්ට බ්‍රිතාන්‍ය වෙත සරල ප්‍රවේශයක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමය මගින් සෘතුවෙන් සෘතුවට පනවනු ලබන ආනයන බදු ඉවත්වීමක් හෝ කපා හැරීමක් සිදුවන බවත් එයට උදාහරණයක් ලෙස ශීත සෘතුවේදී පිපිඤ්ඤා ආනයන බදු රහිතව බ්‍රිතාන්‍යයට අපනයනය කළ හැකි බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ තවත් රටවල් හතක් බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන විශේෂ යෝජනා ක්‍රමයකට ඇතුළත් වන බවත් එමගින් ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන ලැයිස්තුවෙන් තුනෙන් දෙකකට ආනයන බදු අය නොකෙරෙනු ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.



අදහස් (0)

එංගලන්තයේ වෙළෙඳ පැකේජයට ලංකාවත් එක්කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 447 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site