IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී

(ටෝනි කරුණානායක)

අනියම් බිරිඳක් සමග එකම නිවසක පවුල් කෑ මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකදී එක් අයකු අනෙකා  තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි .

මිනුවන්ගොඩ , පත්තඩුවන , දේවාලවත්ත ප්‍රදේශයේ අනියම් බිරිඳක් සමග ජීවත් වු රාජපක්ෂ ආරච්චිගේ විජේසිරි නැමැති 42 හැවිරිදි පුද්ගලයාව මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.

මිනුවන්ගොඩ , පත්තඩුවන දේවාලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සැකකරු සහ මරණකරු කාන්තාවක් සමඟ ජීවත් ව ඇති බව පොලිසිය පවසයි.

ගස් කැපීම ඇතුළු කුලී වැඩ කරන මරණකරු සහ සැකකරු  බීමත්ව සිටියදී දෙදෙනා අතර වෙලදසැලක් අසලදී ආරවුලක් ඇති වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

ඔවුන් පදිංචි සැකකරුට අයත් නිවස ඉදිරිපිටදී එම මිතුරන් දෙදෙනා අතර නැවත ඇති වූ ආරවුලේදී සැකකරු  තම මිතුරාව මෙසේ තියුණු ආයුධයකින් කපා කොටා එම ස්ථානයේදීම ඝාතනයට ලක් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය . 



අදහස් (7)

එක් කතක් සමග එකට පවුල් කා මරා ගනී

sam Monday, 03 April 2023 10:47 AM

ලංකාවෙ වෙන ඔනෙම නරක වැඩකටම රාජපක්ෂ කියන නම කොහෙන් හරි ගෑවිලා ඇති.

:       3       28

පිටිගල මිලානෝ Monday, 03 April 2023 12:05 PM

සිංහයෙක්ට දාව පැවත එන පරපුරක් වන සිංහලයන්ගේ පැරණි ක්‍රමයක් එකගෙයි කෑම. ඒ කියන්නේ පිරිමි කීපදෙනෙක් එක් ගෑණියෙක්ව ගෙදර තියාගෙන කාලය වෙන් කරගෙන තනිි තනිව සංවාසයේ යෙදීම.

:       1       10

samanMonday, 03 April 2023 01:29 PM

ඔයා සිංහලයෙක් නෙමේද?

:       1       5

පිටිගල මිලානෝMonday, 03 April 2023 02:23 PM

ලැජ්ජාවටද ඇහුවේ…? මම කිව්වේ ඇත්තක්නේ….. සමූහ සංවාසය අපිටම ආවේනික දෙයක්…

:       1       5

ගනේගොඩ Monday, 03 April 2023 03:23 PM

සිංහයා කියන්නේ තිරිසනෙක් බව අමතක නොකරන්න...!

:       1       7

Nimal Monday, 03 April 2023 02:02 PM

පිටිගල මිලානෝ, ඔයත් එහෙමද?

:       0       2

පිටිගල මිලානෝMonday, 03 April 2023 02:27 PM

තවම සමූහ සංවාසයේ යෙදිලා නැහැ... නමුත් අවස්ථාවක් ලැබුණොත් නොකර ඉන්නත් බැරි නැහැ. අපේ සිරිත් විරිත් අපිම ආරක්ෂා කරන්න එපැයි.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1135 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site