IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමලා

(රෝෂන් තුෂාර)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමා නැවෙහි කිසිදු අන්තරාවක් නොමැති බවට හාබර් මාස්ටර්වරයා නොමග යවමින් නැව ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල් කිරීමට අවසරය ලබා ගෙන ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිජිටල් වෝහාරික පරීක්ෂණය මගින් තොරතුරු අනාවරණය වී ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් නීතිපතිවරයා පැවසීය.

දත්ත මකා දැමීමට සම්බන්ධ වූවන් කවර හුද?එසේ කර ඇත්තේ කාගේ උවමනාවටද යන්න තහවුරුකර අපරාධකරුවන් හඳුනා ගැනීමට පුළුල් විමර්ශනයක් ජාත්‍යන්තර ආයතනයක් මගින් සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ද පැවසීය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

අන්තරාවක් තිබූ නැවෙහි දත්ත පද්ධතිය මැකුවේ කවුරුන්ද ඊට දේශිය හෝ විදේශීය කුමන්ත්‍රණයත් තිබේද ?අපරාධකරුවන් කවුරුන්ද යන්න සනාථ කිරීම සඳහා මෙම ජාත්‍යන්තර පරීක්ෂණය සිදු කරන බවද සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

මෙම ජාත්‍යන්තර පරීක්ෂණය ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබා ගැනීම සඳහා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත්,නොබෝ දිනකින් අනුමැතිය ලබාගෙන අදාළ පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර ආයතනයක් තෝරාගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් දත්ත පද්ධතිය මකා දමලා

de silva Friday, 12 September 2025 07:36 AM

ඕකේ දත්ත මකන්න password තිබෙන්න ඕනේ , ඔය වෙලාවේ රාජකාරි කරන්නත් ඕනේ , හරිම සරල වැඩිම උනොත් සැක කාරයෝ 2-3 ඇති උන්ගේ තරාතිරම බලන්නේ නැතිව අරන් ඇවිත් එල්ලල දෙකක් දුන්න නම් කියාවි ඔක්කොම , හොරු හුරතල් කරලා බැහැ රටවල් දියුණු කරන්නේ , අර චීනේ දෙන ආකාරයට දඩුවම් දුන්නොත් අල්ලස දුෂණය මුලින් අතුගා දමන්න පුළුවන්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 144 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 741 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site