IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි වංචාව සුරංගනා කථාවක්ද?

(යොහාන් භාසුර)

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමෙන් ශ්‍රී ලංකා වූ හානියට වන්දි ගැනීමට නඩු පැවරීම වැලැක්වීමට දුන්නේ යැයි කියන මහා පරිමාණ අල්ලස රුපියල් කෝටි 8000 ශ්‍රී ලංකාවේ වාර්ෂික සෞඛ්‍ය වියදමට සමාන බවත් එවැනි විශාල මුදලක් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වගකීමක් මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් නිදහස් ජනතා සන්ධානයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (2) පැවසීය.

මෙම චෝදනාව විශ්වාසනීය චෝදනාවක් ද, මෙය වියහැකි දෙයක් ද, වියනොහැකි නම් තවත් ප්‍රශ්න මාලාවක් ජනිත වන බව කියන ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මෙය ගොතපු බොරුවක් නම් එවැනි දෙයක් හෙළි කිරීමට හේතුව කුමක්ද යන ගැටලුව මතු වන බවත්ය.

මෙය සුරංගනා කථාවක් නම් මෙය එළියට දැම්මේ ජනතා අවධානය වෙනතකට යෙමෙු කිරීම සඳහා වියහැකි බවත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය යට ගසා ජනතා මනස වෙනස් පැත්තකට යොමු කිරීම මෙහි අරමුණ වියහැකි බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවේ නමක් ඇති විදේශකයෙක් වන චාමර ගුණසේකර නැමැත්තෙක්ගේ බි්‍රතාන්‍යයේ බැංකු ගිණුමකට එම විශාල මුදල බැර කර ඇති බවට චා්දනාව එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා එංගලන්තයේ බැංකුවකට මුදල් තැම්පත් කිරීමේදී මුදල් විශුද්ධිකරණය සඳහා නීති දැඩිව ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.  

සිංගප්පූරුවේ නඩු පැවරීමට ඩොලර් මිලියන ගණනින් මුදල් වියදම් වැය වන බව කී ඒ මහතා ශ්‍රී ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීමට නීතිපතිතුමා තීරණය කළේ කුමන හේතුවක් මත ද යන්න හෙළිකළ යුතු බව ද සඳහන් කළේය. 



අදහස් (3)

‘එක්ස්ප්‍රස් පර්ල්’ වන්දි වංචාව සුරංගනා කථාවක්ද?

නිමේෂ් Tuesday, 02 May 2023 04:14 PM

ගිනි ගන්න ලඟයි කියල දැන දැනම ඔය නැව අපේ වරායට ගෙන්න ගත්තේ ඕක ගිනිගත්තට පස්සේ ලැබෙන වන්දිය සාක්කුවට දාගන්න , එහෙම කරපු හොරුටිකම තවමත් ආණ්ඩුව කරමින් ඉන්න නිසා ඔකේ කවදාවත් සුල මුලක් දැනගන්න ලැබෙන එකක් නැහැ

:       5       16

දියවන්නාවේ කිබුලා Wednesday, 03 May 2023 07:44 AM

ජී. එල් ඔයා දශක ගානක් දේශපාලනයේ. හරියට රට දියුණු කලා නම් ගිනි ගත්තු නැව් වලින් වන්දි ඉල්ල ඉල්ල යන්න ඕන නෑනේ.

:       0       0

අනේ වස්තූවෙ ගිලුණු නැවකට ඇයි කෙලගන්නේ Wednesday, 03 May 2023 08:45 AM

අනේ වස්තූවෙ ගිලුණු නැවකට ඇයි නෑ ගහන්නේ බෙදා ගෙන බෙදා ගෙන කමූකො රත්තරං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 223 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site