IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් සභාවක්

(සුජිත් හේවාජුලිගේ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ  කාරක සභාවක්  පත් කිරීම වැදගත් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්නේය.

එවැනි කාරක සභාවක් පත් කිරීමෙන් සිද්ධියේ සුලමුල සියල්ල අනාවරණය කරගත හැකිවනු ඇතැයිද  අමාත්‍යවරයා  එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මෙයට අමතරව නීතීඥ චන්දිම වීරක්කොඩි  මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු  රැසක්ද එම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ අතර එම අල්ලස් ගත්තැයි සඳහන් පුද්ගලයා පිළිබඳවත්  ඔහුගේ ලිපිනය ගිණුම් අංකය ඇතුළු තොරතුරු පිළිබඳවත්  අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පසුගිය 25 වැනිදා  තොරතුරු අනාවරණය කළේය.

එසේම එක්ස්ප්‍රස් පර්ල්  අල්ලස්  සිද්ධිය සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්  සභාවට  පැමිණිලි යොමු කිරීමට  විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය  කර ඇත.


 



අදහස් (8)

එක්ස්ප්‍රස් පර්ල් අල්ලස සොයන්න තේරීම් සභාවක්

ravin Saturday, 29 April 2023 10:13 AM

හොරාගේ අම්මගෙන් පේන ඇහුවොත් නරකද? නියම ප්‍රතිඵල

:       1       13

නිමේෂ් Saturday, 29 April 2023 11:16 AM

පිට අයට ඔය නඩුවට බලපෑම් කරන්න බැහැනේ, පගාව ගත්තු අය ඉන්න ඕනේ ඔය නඩුවට සම්බන්ධ නීතිපති දෙපාර්තුමේන්තුවේ සහ අධිකරණ අමාත්‍යංශයේ ඉහළ තනතුරක...

:       1       8

Surain Saturday, 29 April 2023 11:25 AM

හොරකම වහන්න ඕනෑවුණාම තමයි ඔහොම පිහිට වෙන්නේ... අපි ඒක පසුගිය අවුරුදු 20 තුළම දැක්කා...!

:       0       9

චන්දන Saturday, 29 April 2023 12:28 PM

බලං හිටපල්ලා අල්ලනකං. ඔය හදන්නේ තව දෙතුන් දෙනකුට ගත මනාවක් ගන්න.

:       0       6

කිරිපුතා Saturday, 29 April 2023 01:36 PM

මෙයාලා රෙදි අරගෙන, මහලා, ඇඳුම් ඇඳගෙන ලකලෑස්ති වෙනකොට ඒ හොරකම කරපු මනුස්සයා රටින් පණියි.

:       0       3

Pa_Daya Saturday, 29 April 2023 01:57 PM

මේ උතුම් හෙළදිවේ තරම් යුක්තිය ඉටුවන වෙනත් අපායක් නොමැත.

:       0       4

කලකිරිමා Saturday, 29 April 2023 02:22 PM

මේ අයගේ කමිටු, යකෝ ඕවා අහලා දැකලා අපිට එපාවෙලා...!

:       1       4

Gappi Saturday, 29 April 2023 03:12 PM

ඔය කාරක සභාවේ ඉන්න අපතයින්ට ඩොලර් 500 ගානේ දුන්නත් ඒ අය ඒක දිවෙන් ගනී...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site