IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


එකම දිනයේදී දෙවරක් එලොව ගිය කතක්

(විමුක්ති එස් රුද්‍රිගු)

එකම දිනයේ දෙවතාවක් මියගිය කාන්තාවක් පිළිබඳ තොරතුරු ඇමෙරිකාවේ නෙබ්‍රස්කා ප්‍රාන්තයෙන් වාර්තා වූවේය. නෙබ්‍රස්කා ප්‍රාන්තයේ අගනගරය වන ලින්කන්හි සත්කාර ලබමින් සිටි මෙම කාන්තාව පසුගිය 3 වැනිදා උදෑසන 9.44 ට ප්‍රථම වතාවට මියගොස් ඇතැයි ලින්කන් නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

මෙලෙස මියගොස් ඇත්තේ 74 හැවිරිදි කොන්ස්ටන්ස් ග්ලාන්ට්ස් නැමැති කාන්තාවක් බව බලධාරීහු ප්‍රකාශ කළහ. කොන්ස්ටන්ස් ග්ලාන්ට්ස් මියගිය බවට එම සාත්තු නිවාසයේ වෛද්‍යවරයා නිල වශයෙන්  ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇයගේ මෘත දේහය බුතෙරස් මේසර් සහ ලව් මල් ශාලාව වෙත ඒවා ඇතැයි බලධාරීහු පැවැසූහ.

පැය කීපයකට පසු මල්ශාලවේ කාර්ය මණ්ඩලය මෘත දේහය අවසන් කටයුතුවලට සූදානම් කිරීම පැමිණ ඇති බවත් එම අවස්ථාවේ ග්ලාන්ට්ස් තවමත් ජිවත්වන බව ඔවුන් දැක ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.වහාම ක්‍රියාත්මකවූ මල් ශාලාවේ කාර්ය මණ්ඩලය ග්ලාන්ට්ස්ට වාහම කෘතිම ස්වසනය ලබාදී හදිසි ඇමතුම් අංකයට සිද්ධිය දැනුම් දී ඇතැයි බලධාරීහු පැවැසූහ.

හදිසි සේවා ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ ග්ලාන්ට්ස්ව වහාම රෝහලට ඇතුළත් කර ඇති බවත් අනතුරුව ඇයගේ පවුලේ සාමාජිකයන්ට සිදුවීම දැනුම් දී ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කළහ.

නමුත් අවාසනාවන්ත ලෙස නැවත වරක් ඇය එදිනම දහවල් කාලයේදී රෝහලේදී මියගොස් ඇති බව බලධාරීහු පැවැසූහ. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විමර්ශනය අවසානයේදී සිද්ධියේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් බලධාරීහු පැවැසූහ.

 



අදහස් (0)

එකම දිනයේදී දෙවරක් එලොව ගිය කතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site