(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරිම සඳහා වන පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ හිමිවිය
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (22) රැස්විය.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කළ අංක MF/FP/32/CM/2021/212 හා 2021 දෙසැම්බර් 14 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් බදු ප්‍රතිපත්ති යෝජනාවන් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත පිළියෙල කර තිබේ.
ඒ අනුව 2022 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මූල්‍ය සේවා සැපයීම මත එකතු කළ අගය මත බද්ද සියයට 15 සිට සියයට 18දක්වා වැඩි කෙරෙනු ඇත. එයට අමතරව ඕනෑම වසංගත තත්ත්වයක් හෝ මහජන හදිසි තත්ත්වයකදී රජයේ රෝහල් හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත කෙරෙන වෛද්‍ය උපකරණ, යන්ත්‍ර සහ ඖෂධ පරිත්‍යාග පමණක් එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරිම සඳහා මෙම සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එකතු කළ අගය මත බදු පනතට මුදල් කමිටුවේ අනුමැතිය