IMG-LOGO

’එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර විකල්පයක් නෑ’

(විමුක්ති එස් රුද්‍රිගු)

එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නොමැති බව  බී.බී.සී පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී  [29] මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

එම සම්මුඛ සාකච්ඡාවේදී  2019 වසරේදී සියයට 15 ක් වූ එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 8 ක් දක්වා භාගයකින් අඩු කිරීමට  වත්මන් රජය ගත් තීරණය වැරදි තීරණයක්  බව අලි සබ්රි මහතා අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවට ඉදිරි මාස 8 ක කාලය සඳහා  දෛනික අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක මුදලක් වැයවෙන  බවත්  ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආදායම් පරතරය හා වියදම් පියවා ගැනීමට ක්‍රමයක් සොයා ගැනීම සඳහා බදු වැඩි කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

දැනට පවතින වැට් බදු අගය නියත වශයෙන්ම තිරසාර නොවන බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය මත යැපෙන ශ්‍රී ලංකාව වැනි රටක වැට් බදු අගය සියයට 13 ක්  හෝ 14 ක් දක්වා ඉහළ දැමිය යුතු බවත් අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

නැවත ජාත්‍යන්තර ණයහිමියන්ට ගෙවීම් ආරම්භ කිරීම පිළිබඳ අදහස් දක්වමින් "ජාත්‍යන්තර ණය හිමියන්ට ලබන වසරේ සිට නැවත ගෙවීම් සිදු කිරීම ආරම්භ කළ හැකි යැයි සුභවාදීව සිතනමුත් ඒ සඳහා නිශ්චිත කාල රාමුවක් ලබා දීම ඉතාමත් අපහසු කාරණයක්" යැයි අලි සබ්රි මහතා තවදුරටත් පැවසීය.


 

 



අදහස් (2)

’එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර විකල්පයක් නෑ’

de silva berlin Saturday, 30 April 2022 05:58 PM

වැට් බද්ද නොවේ, මේ අර්බුදයට මූලික වුණු සර්ට සහ මයිනන්ට අස්වෙලා යන්න කියන්න. ඉතිරි ටික විදේශ ශ්‍රමිකයෝ බලාගනීවි. හැමෝම ඩොලර් 200 ගානේ ලංකාවට එව්වොත් මේ ප්‍රශ්නෙ විසඳෙනවා. අපි සල්ලි එවන්නේ නැත්තේ මේ හොර පවුල රජකරන නිසා.

:       3       35

රටවැසියාSaturday, 30 April 2022 07:07 PM

ඔබත් ඔය රටේ බද්ද ගෙවනවනේ මාසයකට වරක්... ඒක තම බැංකු ගිණුමට එන්නේ කෙළින්ම 25% කැපිලා නේද..? කවුරු ඔය මහ පුටුවේ ඉඳගත්තත් ලංකාවේ ආදායම් බද්ද 15% - 20% කින් ඉහළ දැමිය යුතුමයි. රට ගොඩගන්න නම්..! යූරෝ එකක් ලංකාවේ මුදලින් රුපියල් 370ක් වුණාට ඔබ හිතන විදිය රුපියල් වලින්ම හිතන්න..! එවිට පිළිතුර සරල ගණිත සූත්‍රයකින් ඔබට වැටහේවි...!

:       6       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 716 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site