
(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් සභාවට අයත් වාහන 19 ක් සහ යතුරුපැදි 10 ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය විසින් මෙම වසරේ නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කර ඇත.
ප්‍රධාන අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය,සෙඛ්‍ය අමාත්‍යාංශය,අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු කාර්යාල කිහිපයක තිබු වාහන හා යතුරුපැදි මෙසේ අස්ථානගතව තිබේ.
අස්ථානගතව ඇති මෙම වාහන 19 ට හිටපු අමාත්‍යවරුන් ඇතුළු විධායක නිලධාරින් විසින් භාවිතා කළ මෝටර් රථ,කැබ් රථ හා ජිප් රථද ඇතුළත්ය. අතුරුදන්ව ඇති යතුරු පැදි ක්ෂෙත්‍ර නිලධාරින්ට ලබාදුන් ඒවාය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සහතික අනුව උතුරු මැද පළාත් සභාව අයත් මෙම වාහන පළාත් සභාව තුල හෞතිකව දක්නට නොලැබුණ බවද විගණන වාර්තාවේ සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රයිලෝක විජිනිපත් ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇත.
පළාත් සභා කිව්වාම හොඳ හොඳ සෙල්ලම් දකින්නට පුළුවන් එක්තරා තැපැල් නිලධාරි කෙනෙක් මෙහෙම දෙයක් කිව්වා.. සබරගමුව පළාත් සභාව තියෙන්නේ රත්නපුර නව නගරයේ... ඇඹිලිපිටිය තියෙන්නේ එහි සිට කිලෝමීටර් පනහකට වැඩි දුරකින් තමයි. ඉතින් සබරගමුව පළාත් සභාව යටතේ පාලනය වන ඇඹිලිපිටියේ විධායක ඉංජිනේරු කාර්‍යාලය තියෙන්නේ ඇඹිලිපිටිය නගරයේ සිට තවත් තවත් දුරකින් තමයි ඉතින් ඔය විධායක ඉංජිනේරු කාර්‍යාලයේ ලිපිනය තියෙන්නෙ විධායක ඉංජිනේරු, එම කාර්‍යාලය සබරගමුව පළාත් සභාව ඇඹිලිපිටිය කියලා තමයි ඉතින් කොහොමද හරියාකාරව ලිපියක් යවන්නේ අන්න එහෙම තමයි... ඔය පළාත් සභා කෙරුවාවේ හැටි ඉතින් වාහනයක් නොවෙයි නැවක් ✈️ ක් වුණත් සැලසුමක් නැතුව කටයුතු කළොත් නම් අතුරුදහන් වෙන්න පුළුවන්...
ලොක්කගෙන් ඇහුවම කියයි මට එහෙම දෙයක් මතක නැහැ කියල .
උන්නැහේ සබරගමුවේ මහ ඇමැති හැටියට හිටපු කාලයේ කලේත් වාහන මිලටගෙන බෙදාහැරීම පමණයි. ඒවා කාට කොහේට ගියාද කියලා දෙයියෝ තමයි දන්නවා... ඇත්තේ. සබරගමුව මොකද උතුරු මැද මොකද කොතැනත් වාහන සෙල්ලම් කළා වෙන්න ඇති...
ඉහළ ඉන්න මහ එවුන් ගසා කනකොට පමල ඉන්න එවුන්එිවාම කරනවා.. 21 පස්සේ අවසන්