(අංජුල මහික වීරරත්න)
සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන නැවත ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව දිවයිනේ අධ්‍යාපන කලාප කාර්යාල 99ක් අතුරින් එක් කලාප කාර්යාලයකට සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් 30 දෙනෙකු බැගින් කලාප 99න් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 2970කට මේ යටතේ ශිෂ්‍යත්ව පිරිනැමීමට තීරණය කර ඇත.
එලෙස තෝරාගන්නා ශිෂ්‍යත්වලාභීන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 5,000ක් බැගින් මාස 24ක උපරිම කාලසිමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනැමීමට අපේක්ෂා කෙරේ.
මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලද පසු උසස් පෙළ අධ්‍යයන වර්ෂය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමට අදාළ පුවත්පත් දැන්වීම් පළ කිරීමට නියමිතය. මෙම ක්‍රියාවලිය සම්බන්ධව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු කඩිනමින් දැනුවත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 18
345
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ වරම් ලබන සිසු සිසුවියන්ට ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව
nimal Sunday, 25 September 2022 07:53 PM
සාමාන්‍ය පෙළ විභාගයට පළමුවරට පෙනී සිට එම විභාගය සමත්ව උසස්පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන දේශපාලන මැදිහත්වීම් නොමැතිව ක්‍රියාත්මක කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කළ යුතුවේ...