(නිමල කොඩිතුවක්කු)
ගුරුවරුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අපහාස හා තර්ජන කිරීම නතර කොට රජය ඔවුන් සමග ගෞරවනීය එකඟතාවයකට පැමිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
වැටුපේ වටිනාකම තුන් තුන්ගුණයකින් අඩුවී ඇති බැවින් ගුරුවරුන්ට ආකර්ෂණීය දීමනාවක් ලබා දිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.
එසේ නොමැතිනම් වෘත්තීයවේදීන් රට හැර යාම තවදුරටත් වැඩි වනු ඇතැයි ද 43 වන සේනාංකය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය, මුදල් අමාත්‍යාංශය එක්ව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව වෙනුවෙන් ලබා දෙන දීමනාව ජීවන බර සහ සහ ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය යන කරුණු සලකා බලා අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් රණවක මහතා කීවේය.
කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ගුරුවරුන් විසින් සකස් කළ ප්‍රශ්න පත්‍ර ඔවුන් පිළිතුරු පත්‍ර පරීක්ෂාවකින් තොරව හදිසියේ ඉවත් වීම යුක්ති සහගත නොවන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයට යම් කාලයක් ලබාදී දරුවන්ට අසාධාරණයක් නොවන අයුරින් නම්‍යශීලී අයුරින් මෙම ගැටලුව විසඳා ගත යුතු බවත් මන්ත්‍රීවරයා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
489
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘උසස් පෙළ දරුවන්ගේ ගැටළුව නම්‍යශීලිව අවසන් කරන්න‘‘
කිරිපුතා Monday, 24 April 2023 10:37 AM
මෙයා සුපුරුදු විදිහට බොරදියේ මාළු බාන්න හදනවා මිසක් ප්‍රශ්නය දිහා දරුවන්ගේ පැත්තෙන් බලනවා නෙවෙයි...