IMG-LOGO

උසස් කමිටුවෙන් තව ලොක්කන් තුනකට අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නව තානාපතිවරුන්  දෙදෙනෙකු  සහ   මහ කොමසාරිස්වරයකු   පත් කිරීමට උසස් නිලතල පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය දුන්නේය.   

එම කාරක සභාව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය. මෙම නාම යෝජනා අනුමත කර ඇත්තේ එහිදීය.

ඒ අනුව, ආර්.එම්. මහින්දදාස රත්නායක මහතා  කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කිරීමටත්, මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා  ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා  ලෙස පත් කිරීමටත්  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.

එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා  එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස  පත් කිරීම සඳහා වන  නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.

තවද, හිටපු අගවිනිසුරු  ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය  ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස  පත් කිරීමට  ඉදිරිපත්වූ  නාමයෝජනාවද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කර අැත

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ  උසස් නිලතල පිළිබඳ කාරක සභා රැස්වීමට  සභානායක අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, ආචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි,  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු  මන්ත්‍රීවරැන්   වන  නීතිඥ දයාසිරි ජයසේකර සහ  අධිනීතිඥ චමින්ද්‍රානී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු  සහභාගී වූහ.



අදහස් (0)

උසස් කමිටුවෙන් තව ලොක්කන් තුනකට අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site