IMG-LOGO

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා


උසස් පෙළ සිසුන්ට චක්‍රලේඛයක්

(රංජන් කස්තුරි)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීම සඳහා පහසුකම් සහිත දිස්ත්‍රිකයක පිහිටි පාසලක සිට දුෂ්කර දිස්ත්‍රික්කයකට අයත් පාසලකට සිසුන් ඇතුළත් කිරීම සඳහා කරනු ලබන ඉල්ලීමකදී එම සිසුවා දුෂ්කර දිස්ත්‍රිකයේ පාසල වෙත තාවකාලිකව අනුයුක්ත කිරීමට විධිවිධාන සලසමින් අධ්‍යාපන ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සිසුවකු පාසලකින් තවත් පාසලකට ඇතුළත් වීමේදී තාවකාලික අනුයුක්තයක් ලෙස ඇතුළත් කර ගැනීම ප්‍රථම වතාවට හඳුන්වා දෙන ක්‍රමවේදයක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පහසුකම් සහිත දිස්ත්‍රික්කයක පිහිටි පාසලකින් දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට උසස් පෙළ සිසුවෙකු ඇතුළත් වීමේ දී එම පාසලේ පුරප්පාඩු පවතිනම් ඔහු අනුයුක්ත පදනමෙන් ඇතුළත් කරගත යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

එහෙත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට එම සිසුවා පෙනී සිටිය යුත්තේ කලින් ඉගෙනුම ලැබූ පහසුකම් සහිත පාසලේ සිසුවකු ලෙස වන අතර විශ්ව විද්‍යාල ප්‍රවේශ ලකුණු සලකා බැලීමේදී ද ඔහු අයත් වන්නේ පහසුකම් සහිත දිස්ත්‍රීක්කයේ සිසුවෙකු ලෙස බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

නුවරඑළිය හම්බන්තොට යාපනය කිලිනොච්චිය මන්නාරම මුලතිව් වවුනියාව ත්‍රිකුණාමළය මඩකලපුව අම්පාර පුත්තලම අනුරාධපුරය පොළොන්නරුව බදුල්ල මොණරාගල සහ රත්නපුරය දුෂ්කර යැයි සලකුණු ලබන දිස්ත්‍රික්ක වන බවද අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

තවද පහසුකම් සහිත දිස්ත්‍රික්කයක 11 වැනි ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන අවස්ථාවකදී එම සිසුවකුට උසස් පෙළ හැදෑරීම සඳහා දුෂ්කර පාසලකට යාමට අවශ්‍ය නම් එම සිසුවා මුළින්ම පහසුකම් සහිත දිස්ත්‍රික්කයේ උසස් පෙළ සහිත පසලකට ඇතුළත් විය යුතු අතර පසුව එම පාසලෙන් දුෂ්කර පාසලකට අනුයුක්තියක් ලබා ගත හැකි බවද එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.

තාවකාලිකව අනුයුක්ත කරන සිසුන් සම්බන්ධයෙන් තොරතුරු ගොනුවක් ලොග් සටහන් දුෂ්කර පාසල මගින් නඩත්තු කළ යුතු අතර අස්වීම් සහතික නිකුත්කළ හැක්කේ පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසුව මුල් පාසල මගින් බවද එහි සඳහන් කර තිබේ.

මේ පිළිබඳ පිළිබඳව සොයා බැලීමේදී අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මා ර් ග සඳහන් කළේ ඇතැම් සිසුන් හිතා මතාම උසස් පෙළ හැදෑරීම සඳහා දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලක් තෝරා ගන්නා අතර එහි යටි අරමුණ වන්නේ අඩු ඉසෙඩ් ලකුණු මත විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වන හෙයින් එමගින් දුෂ්කර පාසැල්වල ඉගෙනුම ලබන සිසුන්ට වන අසාධාරණය වැළැක්වීම සඳහා නව චක්‍රෙල්ඛය නිකුත් කර ඇති බවය.

 



අදහස් (2)

උසස් පෙළ සිසුන්ට චක්‍රලේඛයක්

thilak Friday, 10 October 2025 02:13 AM

අද ඔය කියන "දුෂ්කර" පලාත්වල බොහෝ සිසුන් ප්‍රධාන නගර වලට පැමිණ, උපකාරක පංති වලින් උසස් පෙළ සඳහා අවශ්‍ය අධ්‍යාපනය ලබා ගන්නවා. ඊට අමතරව, වෙබ් අඩවි හරහාද උපකාරක පංති වලින් විෂය හදාරනවා. වර්තමානයේ ඔය "දුෂ්කර පලාත්" යනු යල් පන ගිය සංකල්පයක් පමණයි.

:       1       5

Rasi Friday, 10 October 2025 05:05 AM

ඉතාමත් හොද තීරණයක්. පහුගිය කාලය පුරා, දුෂ්කර සිසුන්ට දී තිබු මේ අවස්තාව යම් ආකාරයකට hijack කිරීමකට යම් පිරිස් කටයුතු කරනු ලැබුවා සේම, ඒ තුලින් සමහරුන් විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබූ බව බව රහසක් නෙවෙයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 316 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site