(ජේ.ඉඳුරුවගේ)
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළින් දෙසැම්බර් 21 ,23,27,28 , 30 සහ 31 දිනවල අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළව සංශෝධනය කරන ලද විභාග කාල සටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
එමෙන්ම දෙසැම්බර් 04 දා සිට 20 දක්වා පෙර කාල සටහනේ සඳහන් විෂයන් එම දිනවල නියමිත ලෙස පැවැත්වෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලා දුඹුරු පැහැයෙන් නිකුත් කර ඇති මෙම සංශෝධිත කාල සටහනේ පිටපතක් උසස් පෙළ සියලුම අපේක්ෂකයන් සඳහා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන දෙසැම්බර් 07 දා විභාග මධ්‍යස්ථානවලදී ලබා දෙන බවද ඒ ඒ අපේක්ෂකයන් සඳහා තමන්ට නියමිත විෂයන් සඳහාවූ කාල සටහන විහාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර බාගත කර ගැනීමට පහසුකම් සලසන බවද විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා මහතා පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි