IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උසස්පෙළ පාසල් භාගයකම විද්‍යාව නෑ

 

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මෙරට උසස්පෙළ පන්ති සහිත පාසල් 2952 න්  විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසල් 1011 ක පමණක් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව) හමුවේ පැවසීය.

ඒ අනුව පාසල් 1941 ක( සියයට 65.75)  විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

මෙය බරපතළ ප්‍රශ්නයක් හෙයින් ස්ටෙම් ( STEM) අධ්‍යාපන ක්‍රමය මගින් මේ සඳහා විසඳුම් සෙවීමට  පියවර ගන්නා බව  අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශ‍ය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෝප් කමිටුව  අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළෙදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය.

පසුගිය 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවූ  පිරිසෙන් සියයට  26 ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු අය  බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය

නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බව ප්‍රකාශ කළේය.

නවීණ තොරතුරු තාක්ෂණික  වැඩපිලිවෙලක් හඳුන්වා දී  ප්‍රමාදයකින් තොරව විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල කෝප් කමිටුව මෙහිදී අගය කළේය.

මෙරට විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බව පැවසූ කෝප් කමිටුව  විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්ව විද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ලෙස  නිලධාරීන්ට උපදෙස් දුන්නේය.්



අදහස් (3)

උසස්පෙළ පාසල් භාගයකම විද්‍යාව නෑ

කිරිපුතා Wednesday, 03 May 2023 02:53 PM

සේරටම කලින් විභාගයට ලියපු දරුවන්ගේ උත්තර පත්තර ටික බලලා ඉන්න එපැයි...!

:       1       5

මහී Thursday, 04 May 2023 07:37 AM

ඒ උනාට හාමු මහත්තයාලා යන්නේ එන්නේ අධි සුඛෝපභෝගි වාහනවල. වසර 74ක් තිස්සේ වලවු දේශපාලනය නිසා ඇතිවූ සමාජ අසාධාරණය ...

:       0       0

ප්‍රියන්ත ජිනේදුදාස Thursday, 04 May 2023 10:18 AM

විශේෂයේම රජ්‍ය අංශයේ රැකියා ලබාදිමේ ක්‍රමවේදයට අනුව බාහිර කලා උපාධියත් අභ්‍යාන්තර (ජිව විද්‍යා සහ භෞතික විද්‍යා ක්ෂුදුජිවි විද්‍යා )සාමාණ්‍ය සහ දෙවනපෙළ උපාධිදාරින් එකම තලයේලා සැළකිම සහ ඒ කෙටස් දෙකේම බහුතරයක් උපධිධාරින්ට කිරිමට සිදුවි ඇත්තේ ලිපිකරැ නිළධාරින්ගේ ලිපිකරැ වැඩ පමණි. නමුත් ලිපිකරැ නිලධාරින්ට ක්‍රමවත් උසස් කිරිමේ පරිපාටියක් තුලින් මාණ්ඩලික තතුරැවලට යාමට අවස්ථාව ඇත. නමුත් උපාධිදරින් වෙනුවෙන් සකස් කර ඇති සංවර්ධන නිලදාරි සේවා ව්‍යවස්ථවට අනුව කිසිමදිනක මාණ්ඩලික ශ්‍රේණියට අන්තරග්‍රහණය කිරිමට නොහැකිවන පරිදි සකස් කර ඇත. මෙවැනි අසාධාරණ තත්වයට එරෙහිව වසර 24ක් සටන්කලත් කිසිදු රජයක් මේ දක්ව කිසිදු පියවරක් ගෙන නොමැත. මෙවැනි තත්වයක් යටතේ උසස්පෙල දරැවන් විද්‍යා අංශයේ අධ්‍යන කටයුතු කිරිම ඵලදායි නොවෙයි. තාක්ෂණවේදය පරිගණක තක්ෂනය වානිජ විෂයන් කිරිමට පෙලබි ඇත්තේ මේ හේතුව නිසායි.ඉදිරියෙද් පරිසරවෙදින් සාව්භාවික විද්‍යාෙවදින් මේ රටට බිහි නොවනු ඇත. රැකියා ක්ෂේත්‍රවලට ගැලපෙන පරිදි වෘත්තිය උපධීධාරින් බිහිකිරිම සහ ඒ සදහා සැළසුම් සකස්කිරිම නිලධාරින් සහ බලධාරින් අවධානය යොමුකල යුතුය

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site