IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘උසස්පෙළ ජීව විද්‍යා ගුරු පරිශීලන ග්‍රන්ථ තවමත් නිකුත් කර නැහැ’


(විනීතා එම්. ගමගේ)
 
අපොස උසස් පෙළ නව නිර්දේශයේ ජීව විද්‍යා විෂයයෙහි ගුරුවරුන් සඳහා වන පරිශීලන ග‍්‍රන්ථය මේ වනතුරුත් මුද්‍රණය කර නැතැයි ගුරු සංගම් චෝදනා කරති. 
 
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට තවත් මාස තුනක් පමණක් ඉතිරිව තිබියදීත් එම පරිශීලන ග‍්‍රන්ථ තමවත් මුද්‍රණය කර නැති බවත් එය අන්තර්ජාලයේ පමණක් පළ කර ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය.
 
එය ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පළ කිරීම නිසා සිංහල හා දෙමළ භාෂාවෙන් විෂය හදාරන සිසුන්ට බලවත් අසාධාරණයක් වන බවත් හෙතෙම සඳහන් කළේය. 
 
ජීව විද්‍යා විෂයයට අදාළ ඒකක 10ක් පරිශීලන ග‍්‍රන්ථයේ අඩංගු විය යුතු  නමුත් අන්තර්ජාලයේ ඉංග‍්‍රීසි භාෂාවෙන් පළවී ඇති ග‍්‍රන්ථයේ ඇත්තේ ඒකක 8 ක් පමණක් බව කී ස්ටාලින් මහතා ලබන අගෝස්තු මාසයේ විභාගයට පෙනී සිටින උසස් පෙළ ජීව විද්‍යා හදාරන දරුවන්ට සිදුවන අසාධාරණයට වගකියන්නේ කවුදැයි විමසා සිටියේය. 
 
පරිශීලන ග‍්‍රන්ථය යනු විෂය අන්තර්ගතය කෙතරම්දුරට ඇත්දැයි පැහැදිලි කරමින් ගුරුවරුන් සඳහා නිකුත් කෙරෙන ග‍්‍රන්ථයක් බවත් නව නිර්දේශයට අදාලව ගුරු අත්පොත් නිසිවේලාවට ගුරුවරුන් වෙත නොලැබුණු බවත් හෙතෙම සඳහන් කළේය. 



අදහස් (0)

‘උසස්පෙළ ජීව විද්‍යා ගුරු පරිශීලන ග්‍රන්ථ තවමත් නිකුත් කර නැහැ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 426 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 651 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site