(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර (විෂය) දහයක ප්‍රධානීන් එම ප්‍රශ්න පත්‍ර බැලීමේ කටයුතු ඊයේ ( 24) ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25)පැවසීය.
මේ අනුව මෙම ගැටලුව අද හෙටම විසඳෙනු ඇතැයි විභාග කොමසාරිස්වරයා දැනුම් දුන් බවද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මේ අතර උත්තර පත්‍ර පරීක්ෂා කරන අංශ සංඛ්‍යාව වැඩි කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 29 වැනිදා පවත්වන බවද ප්‍රකාශ කළේය.
සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.
අද මතුවෙලා තියෙන ප්‍රශ්නෙ මම දැක්කේ මාස දෙකකට කලින්. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය සමඟ මම පළමුවැනි සාකච්ඡාව කළා. පස්සේ භාණ්ඩාගාරය සමඟ දෙවැනි සාකච්ඡාව කළා. ඒ සාකච්ඡාවේදී ඉල්ලීම් හතරක් ඉදිරිපත් වුණා. පළමු ඉල්ලීම බදු ප්‍රතිපත්තිය. ඉදිරිපත් වුණු සියලුම ඉල්ලීම් විසඳලා තියෙනවා. මම මගේ පරිමාවෙන් ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගත්තා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
උසස්පෙළ අවුල ගැන සුසිල්ගෙන් ප්‍රකාශයක්