IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උසාවි නියෝගයෙන් අවසන් කටයුතු නවතී

(විමුක්ති එස් රුද්‍රිගු)

බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තිබූ දේහයක් අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බාර දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියෝග කළේය.

මියගිය පුද්ගලයා ඇල්ෆ්‍රඩ් හවුස්හි ඔහුගේ අක්කගේ නිවසේ මාස තුනක පමණ කාලයක සිට නතර වී සිට ඇති බවත් ඔහුගේ මරණය 10 වැනිදා සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.

මියගිය පුද්ගලයාගේ බිරිඳ වූ මායා දිලුක්ෂි සිය ස්වාමිපුරුෂයා මරණය සැක සහිත බවට පොලිසියට පැමිණි කළ බවත් සිය සැමියාගේ අවසන් කටයුතු අද(13) සිදු කිරීමට නියමිත බව ඇය දැනුම්දුන් බවත් කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ 64 හැවිරිදි ලලිත් සේනානායක නම් පුද්ගලයෙක් බවත් වකුගඩු සහ හෘදයාබාධ රෝගයකින් ඔහු පෙළී ඇති බවත් කොල්ලුපිටිය පොලිසිය පැවැසුවේය.

බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබී පොලිස් බාරයට ගත් මෘත දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (14) උදෑසන සිදුකිරීමට නියමිත බව කොල්ලුපිටිය පොලිසිය පැවසුවේය.

මියගිය ලලිත් සේනානායකගේ සියලුම වෛද්‍ය වාර්තා රැගෙන මරණකරුගේ අක්කාට හෙට(14)  පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙන බවද කොල්ලුපිටිය පොලිසිය ප්‍රකාශ කළේය



අදහස් (0)

උසාවි නියෝගයෙන් අවසන් කටයුතු නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site