
(උපලි ආනන්ද)
පොලිස් නිලධාරියකුගේ හක්ක පුපුරා දෙකඩ වී යටි ඇන්දේ දත් සියල්ල කැඩී යන අන්දමට පහරදුන් සැකකරුවන්ට ඇප ගැනීමට හැකිවන අන්දමට පදවිය පොලිසිය අධිකරණයට කරුණු වසන් කරන ලදැයි පදවිය පොලිසියේ ක්‍රියාකලාපය පදවිය මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා හමුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළ නීතිඥ අජිත් දිසානායක මහතා අසාධාරණයට ලක් වූ පොලිස් නිලධාරියකුට සලකන්නේ මෙලෙස නම් සාමාන්‍ය මිනිසුන්ට කෙසේ සලකනවා ඇද්දැයි ප්‍රශ්න කළේය.
තම සහෝදරිය සහ දරුවන් සමඟ සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුට යුද හමුදාවෙන් පලාගිය සෙබළකු ඇතුළු බීමත් පුද්ගලයන් තිදෙනකු විසින් අතින් පයින් සහ හෙල්මටයකින් දරුණු ලෙස පහරදී ගෙල බැඳි රන් මාලය කඩාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මවගේ පැමිණිල්ල බාර ගැනීම දින 04ක්ම පදවිය පොලිසිය ප්‍රතික්ෂේප කර ඇතැයි පෙන්වා දුන් නීතිඥ අජිත් දිසානායක මහතා සැකකරුවන්ට ඇප ගැනීමට හැකිවන අන්දමට පදවිය පොලිසියේ නිලධාරීන් උසාවියටත් කරුණු වසන් කර ඇතැයි පෙන්වා දුන්නේය”
පදවිය බෝගස්හන්දිය සැනසිලිගම ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් සිය සහෝදරිය සහ දරුවන් සමඟ නරඹමින් සිටි කිලිනොච්චිය පොලිසියට අනුයුක්තව සේවය කරන කොස්තාපල් (94950) ආර්.ජී.ඩී. රත්නායක මහතාට යුද හමුදාවෙන් පලාගිය සෙබළකු ඇතුළු තිදෙනකු විසින් අතින් පයින් සහ ආරක්ෂිත හිස් වැසුම් වලින් පහර දී මුඛයේ යටි දත් ඇන්ද සහ දත් කඩා දැමීම පිළිබඳ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී අගතියට පත් පොලිස් කොස්තාපල්වරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් දිසානායක මහතා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසාවියේදී පොලිසියට දොස්
Senarath Tuesday, 06 June 2023 09:01 AM
ගොඩක් පොලිසිවල මෙහෙම දේ වෙනව. එකනෙ අද නිවැරදි කාරයොත් කවුරුහරි ලොක්කෙක් අල්ලගෙන පොලිසියෙ පමිනිලිවලට යන්නෙ. බොහෝදුරට දේශපාලකයන්ගෙ පැත්ත ගන්නව ඉදිරියෙදි වාසි ගන්න බලාගෙන. එහෙම නොවන පොලිස් නිලදාරින් ඉන්නෙ බොහොම අඩු ප්‍රමානයක්. අන්තිමට පොලිසිය විසදන්න ඔනෙ සුලු පැමිනිල්ල ඉවරවෙන්නෙ මිනිමරුමකින්, එහෙම නතිනම් කොහෙවත් හිටපු වැදගැම්මක් නැති එකෙක් ගමෙ චන්ඩිය වෙලා.