IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඒ.එල්. ජයසිංහ)

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවක් මග හරිමින් සිටි යුද හමුදා සෙබළකු ඊයේ (11) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 ක් වන බත්තරමුල්ල යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන හපුතලේ, පල්ලේගම ප්‍රදේශයේ පදිංචි සෙබළකු බව පොලිසිය පවසයි.

මෙම සෙබළා පවුල් ආරවුලක් මත සහෝදරයකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබූ තිබූ අතර ඒ සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවකට සැකකරු පෙනී නොසිටීම හේතුවෙන් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මහනුවර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි තලාතුඔය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩි. නිශාන්ත අප්පුහාමි මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

උසාවියට කට්ටි පැන්න යුද හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 661 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site