
(අංජුල මහික වීරරත්න)
මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමෙහි දක්වා ඇති උද්ධමන ඉලක්කයෙන් මතුපිට උද්ධමනය (Headline Inflation) අපගමනය වීම පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 26 (1) වගන්තිය යටතේ මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන කාර්තුමය මතු පිට උද්ධමනය 5%ක මට්ටමක පවත්වා ගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත.
එකී ගිවිසුමේ 26 (5) වගන්තියට අනුව, එම උද්ධමන ඉලක්ක නිශ්චිත ආන්තිකයෙන් අනුක්‍රමික කාර්තු දෙකක් තුළ දී සපුරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපොහොසත් වුවහොත්, මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ඒ පිළිබඳ වාර්තාවක් මුදල් විෂය බාර අමාත්‍යවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වේ.
2024 වසරේ දෙවන හා තුන්වන කාර්තු වලදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනයේ කාර්තුමය සාමාන්‍යය පිළිවෙලින් 1.4%ක් සහ 0.8%ක් ලෙස වාර්තා වී ඇති අතර, එය එකී උද්ධමන ඉලක්කයේ පහළ ආන්තිකයට වඩා අඩු වීමක් ලෙස පෙන්නුම් කරයි.
එම කරුණු ඇතුළත්ව, මහ බැංකු පනතේ විධිවිධාන යටතේ මුදල් විෂය බාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මතුපිට උද්ධමනය අපගමනය පිළිබද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට