IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


’’උද්ඝෝෂණය කරන්නේ කීයක් හරි හොයාගන්න’’

(අංජුල මහික වීරරත්න)

උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

උද්ඝෝෂණය කරන අය ඒවා කරන්නේ කීයක් හෝ සොයා ගැනීමට බවද අමාත්‍යවරයා කීය.

“රට වනසන පනත් පරාජය කරමු” මැයෙන්  පොදුජන පෙරමුණේ  කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

"පස් හය දෙනෙක් කෑ ගැහුවට රටේ බහුතර මතය එය නොවේ. ආණ්ඩුව රටේ මිනිස්සුන්ට ස්ථාවරයක් හදලා තියෙන බවට ජනතාව පිළිගන්නවා. අද කෑ ගහපු එක්කෙනෙක් හරි පොහොට්ටුවට ඡන්දය දුන්න මිනිස්සු ඉන්නවද?ඔය එක එක්කෙනාගේ ගොට්ටො.ඔවුන්ට කෑ ගහන්න අයිතියක් තියෙනවා යැයි ද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.



අදහස් (14)

’’උද්ඝෝෂණය කරන්නේ කීයක් හරි හොයාගන්න’’

Bamunuarachchi Tuesday, 28 May 2024 03:17 PM

එතකොට කප්පන් ඉල්ලන්නේ කීයක් හරි හොයාගන්න නොවෙයිද?

:       4       47

PRADEEP Tuesday, 28 May 2024 03:38 PM

අපිත් මේ කීයක් හරි හොයගන්න තමා කප්පම් ගන්නෙ

:       2       31

KASUN Tuesday, 28 May 2024 03:44 PM

මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       6       28

ජයනාත් Tuesday, 28 May 2024 03:52 PM

දැන් දැන් මෙයාලට විකාර කියවෙනවා. පාර්ලිමේන්තුවේ ඉන්න ලැබෙන කාලය තව ටිකයි නේ..

:       4       24

අරවින්ද මොනරවිල Tuesday, 28 May 2024 05:04 PM

කුලියට උද්ගෝෂණය කරන, ගල් ගහන තග දාන මැර සංස්කෘතිය ඇති කෙරුවේ ඔහෙලා, දැන් ඒකේ ආනිසංස විද ගන්නවා සද්ද නැතුව.

:       1       11

Kuma Tuesday, 28 May 2024 05:18 PM

මේ කියන කතාව ඇත්තක් තියනවා. හැමදාම පෝස්ටර් වල තියෙන්නේ කහ පාට ගාලා කළු අකුරන් ලියලා . පෝසටර් බිස්නස් එක අපිට කරන්න බැරිද?

:       6       1

නිහාල් Tuesday, 28 May 2024 05:20 PM

කප්පම් ගත්තනම් ලොකු ගාණක් එකවර සාක්කුවේ. අහු උනත් අත්හිටවූ සිර දඬුවම් ගන්න පුළුවන්. කොලඹ වෙනස.

:       0       8

ANURA ROME Tuesday, 28 May 2024 07:17 PM

කසුන් වගේ නූගත් අය තමයි නූගත් ලපයගෙ සංවිධානය සමග එකතු වෙන්නෙ..කසුන්ගෙ දෙමාපියන්ගෙ වැරැද්ද හරියට කතාකරන්න උගන්නපු නැති එක. හරිම කණගාටුයි

:       10       0

Nimal 1 Tuesday, 28 May 2024 07:48 PM

කවුරුත් දේශපාලනයට එන්නෙත් කීයක් හරි හොයාගන්න නේද?

:       1       9

Amu Horaa Tuesday, 28 May 2024 07:48 PM

ඔව් ඉතින් මෙයා UDA එකේ ව්‍යාපෘති අනුමත කරන්නේත් කීයක් හරි හොයාගන්න තමයි..

:       1       11

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 07:53 AM

අනුර රෝම්, මොකද හොරුන්ට හොරු කීවාම ,සාප කරාම තමන්ට රිදෙන්නේ,මිනිහෙකුගේ අංග ලක්ෂණ අනුව නම් පට බැඳීම අසීලාචාර අමානුෂික තුච්ච වැඩක් බව තමන්ගෙ වැදගත් දෙමව්පියන් පෙන්වලා දීල නැත්නම් ඒක අදවත් දැනගන්න.

:       0       2

සෙනෙවිරත්න Wednesday, 29 May 2024 07:55 AM

අනුර රෝම්, තමන්ගෙ කකුලෙ නොන්ඩියත් තියෙනව නම් නොන්ඩියා කියන එක හරිද ,ලපයක් තිබුනට ලපය කියනවද? තමන්ගෙ වැදගත් දෙමව්පියන් ඒව උගන්වල නැති උනාට හොරුන්ට සාපවේවා කීවම කලබල වෙන්නෙ තමනුත් හොරුන් සමග නිසා නොවේද?

:       0       3

නඳුන් Wednesday, 29 May 2024 08:46 AM

කප්පම් ප්‍රසන්න කියලා යූටියුබ් එකේ සර්ච් කරලා බලන්න ප්‍රසන්න රණතුංග කප්පම් ඉල්ලලා ව්‍යාපාරිකයෙක්ට තර්ජනය කරන හඬපටය තියෙනවා. මෙයාට ඡන්දේ දීපු ඔබගේ අහින්සක වැඩිහිටියන්ට එම හඬපටය ඇසීමට සලස්වන්න.

:       0       7

Rata Perata Wednesday, 29 May 2024 12:15 PM

ප්‍රසන්න රණතුංග වගේ රස්තියාදු කාරයෝ කියන ඒවා එච්චර ගණන් ගන්න එපා. නූගත් මෝඩයින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site