(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය.
රටේ අහිංසක ගොවි ජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් බවත් මෙය මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් බවත් කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය.
උතුරු මැද පළාත් සභාව 2011 වර්ෂයේදී රුපියල් කෝටි එකසිය දාහතකට අධික ඇස්තමේන්තුවක් මත මාර්ග පනස් තුනක් ප්‍රතිසංස්කරණය කර ඇතැයිද එම කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත.
එසේම රුපියල් කෝටියක් පමණ වැය වන මාර්ග කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි හතර හමාරක් පමණ වැය කර ඇතැයි කමිටුව පවසයි.
මේ පමණ මුදලක් වැය කළත් මාර්ග නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම හේතුවෙන් එ්වා කෙටි කලකින් අබලන් වී ඇති බවද තොරතුරු අනාවරණය විය.
මේ අතර දරුවන් පන්සියයට අඩු පාසලකට කෝටි පනස් හතරක් වටිනා ශ්‍රවණාගාරයක් ඉදිකිරීමට අත්තිකාරම් ලෙස ගෙවූ රුපියල් කෝටි දහයක මුදලක් අපතේ ගොස් ඇතැයිද එම පාසල දැන් වල් බිහි වී ඇතැයිද කමිටුවේදි හෙළිවිය.
මේ තොරතුරු හෙළි වූයේ උතුරු මැද පළාත් සභාවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
මෙම සාකච්ඡාවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගණන් ගරලා