
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදේ පවතින ගැඹුරු පීඩන අවපාතය, අද පෙරවරු 4.00 පමණ වින විට ත්‍රිකුණාමලයේ සිට කිලෝ මීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය වයඹ දෙසට ගමන් කර පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේ ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තිරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
මේ හේතුවෙන් දිවයිනේ උතුරු අර්ධයේ අහස වළාකුළින් බරව පවතී
උතුරු පළාතෙත්,පුත්තලම, අනුරාධපුර, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි වැසි ඇති විය හැකියි.
කුරුණෑගල, පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු පළාතේ විටින් විට පැයට කිලෝ මිටර් 50-60 අතර තරමක තද සුළං ඇති වන අතර විටින් විට එය පැයට කිලෝ මිටර් 70 දකවා ප්‍රහාරත්මක සුළං ඇතිව හැකිය.
වයඹ පළාතෙත් මාතලේ, ත්‍රිකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටි විට තරමක තද සුළං ඇති වේ.
COMMENTS