IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උත්සව සමයට අමතර දුම්රිය

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තමේන්තුව උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කීපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පැවසීය.

මෙම වැඩසටහන යටතේ මේ මස 27 වැනිදා රාත්‍රී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ද, බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දකවා ද, විශේෂ දුම්රිය දෙකක් ධාවනය කරන බවත් 28 වැනිදා පෙරවරුවේ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, 29 වැනිදා රාත්‍රී බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් විශේෂ දුම්රියක් ධාවනය කරන බවත් ඒ මහතා කීය.

එම දුම්රියවලට අමතරව යාපනය දක්වා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය කරන බවත් යාල්දේවී සීඝ්‍රගාමී දුම්රියට අමතර මැදිරි කීපයක් එක්කර ධාවනය කරන බවත් ඉඳිපොළගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

උත්සව සමයට අමතර දුම්රිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site