IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක්

(ගයාන් සූරියආරච්චි)

නත්තල් උත්සවයට සමගාමීව දේවස්ථානවල සහ ආගමික ස්ථානවල ආරක්ෂාව සදහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 40,000 ක් පමණ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

බස්නාහිර පළාතට පමණක් පොලිස් නිලධාරීන් 6500 ක් පමණ යෙදවීමට නියමිත අතර ගැට කපන්නන් අත්අඩංගුවට ගැනීම සදහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 500 ක් යොදවා ඇති බවද මනතුංග මහතා කීය.

රථවාහන තද බදය නතර කිරීම සදහා කොළඹ නගරයේ පමණක් රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් 600 ක් පමණ යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

උත්සව සමයේ ඇදුම් පැළදුම්, බඩු බාහිරාදිය මිලදී ගැනීමට යාමේදී තමන් සතු මුදල්, ජංගම දුරකතන, රන්භාණ්ඩ ඇතුළු දේපොළ පරිස්සම් කරගන්නා ලෙසත් මෙම කාලසීමාව තුළ ගැට කපන්නන් සහ සොරුන් නිතර ජනතාව ගැවසෙන ස්ථානවල සැරිසරන බවත් බුද්ධික මනතුංග මහතා පැවැසීය.

 



අදහස් (1)

උත්සය සමයේ ආරක්ෂාවට 40000 බල ඇණියක්

Niranga Friday, 20 December 2024 03:57 PM

පොලිසියේ වැඩිපුර හොරු ඉන්නේ...!

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site