(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ සියලුම රෝහල් හා මධ්‍යස්ථානවල සේවයේ නිරත හෙද නිලධාරින් පරිපුරක සේවාවට සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් හාරදහසකට ආසන්න සමාජිකයන් හෙට (12) දින සිය සේවාවන්වලින් ඉවත්ව සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සෙෘඛ්ය වෘත්තීයවේදින්ගේ සම්මේලනයේ සම කැදවුම්කරැ අජීත් පි තිලකරත්න මහකා අද (11) දින අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදි පැවසිය.
අනුරාධපුර රන්දිය හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුවේදි ඒ මහතා මෙසේද පැවසිය.
අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා රජයෙන් සෞඛ්‍ය වෘත්තියවේදින්ගේ සම්මේලනය විදියට ගුරු සේවයට වැටුප් වැඩිවිමට සාපේක්ෂකව සෙෘඛ්ය් සේවාවේ වැටුප් වල සිදුවු විෂමතාවය ඉවත්කරන ලෙස මාස දෙකක් තිස්සේ ඉල්ලිම් කරනවා. නමුත් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා ලැබි නැහැ.
එම නිසා හෙට දවසේ (12) දින උතුරැ මැද පළාතේ සියලුම රෝහල් සෞඛ්‍ය අංශ තුල හෙද සේවාපරිපුරක සේවාව හා අතුරැ වෛද්‍ය සේවාවට අයත් වෘත්තිය සමිති පහළොවක සමාජිකයන් සංකේත වැඩ වර්ජනයක නිරත වෙනවා.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
උතුරු මැද රෝහල් හෙද නිලධාරීන් හෙට සංකේත වැඩ වර්ජනයක