IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


උතුරු මැද මහ ඇල ව්‍යාපෘති වැඩ බිමෙන් ග්‍රීස් පැන්නූ හතරක් මාට්ටු

අත්අඩංගුවට ගත් ග්‍රීස් සහ ඔයින් පොලිසිය සහ ආයතන නිලධාරීන් පරික්ෂාකරන අයුරු

------------------------------------

(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය)

චීන සමාගමක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මොරගහකන්ද ජලාශයේ සිට ජලය රැගෙන යාමට යෝජිතව, උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර උපකරණ සඳහා භාවිතයට යොදා ගනු ලබන, රුපියල් ලක්ෂ 16 ආසන්න මුදල් වටිනාකමකින් යුත් ග්‍රීස් බැරල් හතරක් සොරාගෙන අලෙවියට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

මොරගොඩ පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මොරගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීගස්වැව ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ලංකාවෙහි ප්‍රධාන පෙළේ ඔයිල් සමාගමකට අයත් ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර සැකපිට සැකකරුවන් හතරක් අත් අඩංගුවට ගෙන ඇත.

එම අවස්ථාවේ ලොරි රථය තුළ හතර දෙනකු සිට ඇති අතර ලොරි රථයේ පසුපස ග්‍රීස් බැරල් හතරක් හා ඔයිල් බැරල් එකක් තිබී ඇති අතර පොලිස් නිලධාරින් එම රථයෙහි රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී උතුරු මැද මහඇල ව්‍යාපෘතිය සඳහා භාවිතා කිරීමට ගෙන එනු ලැබූ ග්‍රීස් සහ ඔයිල් අතරින් සොරාගත් ග්‍රීස් බැරල් හතරක් බව අනවරණය කර ගෙන තිබේ.

මීගස්අවැව ක්‍රියාත්මක කෙරෙන උමගේ වැඩ බීමට ලැබු ග්‍රීස් සහ ඔයිල් ගබඩා කර තිබු ගබඩාවේ තිබීයදී උමගේ සේවා සපයන ආයතනයක සේවය කරමින් ගබඩාව භාරයේ සිටි දෙදෙනඅකු හා ඔයිල් හා ග්‍රීස් සැපයු පුද්ගලික සමාගමේ සේවකයන් දෙදෙනකු එක්ව මෙම ඉතා සුක්ෂම අයුරින් පිටතට නොපෙන පරිදි ලොරියේ සගවාගෙන ගබඩාවෙන් පිටතට රැගෙන ගොස් අලවීයට සුදනම් කරමින් සිටි බව  සැකකරුවන්ගෙන් කළ ප්‍රශන කිරිම්වලින් අනාවරනය කර ගෙන තිබේ.

 



අදහස් (3)

උතුරු මැද මහ ඇල ව්‍යාපෘති වැඩ බිමෙන් ග්‍රීස් පැන්නූ හතරක් මාට්ටු

Pradeep Kumara Sunday, 11 August 2024 09:50 AM

රටේ ඉහල සිට පහලටම හොරු. නීතිය වල් වැදුන රටක මීට වඩා තවත් මොනවා වෙන්නද?

:       0       11

fairoosSunday, 11 August 2024 11:34 AM

ඉහල ඉන්න හොරුන්ව තෝරාගන්නේ පහල ඉන්න හොරුන් විසින් .ඒකයි කනගාටුව

:       0       12

Sankapala Sunday, 11 August 2024 11:56 AM

ශුවර් එකට ජෙප්පෙක් වෙන්න ඇති

:       8       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 611 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site