IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උතුරේ නැවත පදිංචි පවුල් 197කට ඉඩම් ඔප්පු

(අංජුල මහික වීරරත්න)

උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි.

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති උතුරේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාවට නංවා ඇති වැඩසටහන යටතේ මෙම ඉඩම් නිදහස් කිරිම සිදු කර තිබේ.

සංකේතාත්මකව කිහිප දෙනකු වෙත ඉඩම් ඔප්පු සහ චෙක් පත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තුතිය පුද කළහ. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ,ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්. ඉලංගෝවන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (4)

උතුරේ නැවත පදිංචි පවුල් 197කට ඉඩම් ඔප්පු

nihal Saturday, 11 February 2023 11:01 PM

ඡන්ද ගුණ්ඩු නේද සූත්තර පුංචා...?

:       0       0

Bamunuarachchi Sunday, 12 February 2023 02:45 AM

ඔහොම නොවෙයි, විග්නේශ්වරන්ට රිදී බන්දේසියක තියලා ලංකාවේන් 2/5 දෙන්න හදන්නේ...

:       1       1

sisira Sunday, 12 February 2023 08:52 AM

වසර 33ක කාලයක් අවතැන්ව සිටි මෙම පිරිස් තම ඉඩම් නිදහස් කර දීම පමණක් නොව සිංහල භාෂාව කතාකරන පොලිස් නිලධාරීන් අඩුකර උතුරේ ද්‍රවිඩ භාෂාව කතා කරන්නා වූ පොලිස් නිලධාරීන් ප්‍රමාණය ඉහළ දැමිය යුතුවේ. උතුරේ ද්‍රවිඩ ජනතව අතර caste ගැටලුව තිබෙනාවූ නිසා ද්‍රවිඩ පුරවැසියන් සිංහල පොලිස් නිලධාරීන් වෙත ගොස් ගැටළු නිරාකරණය කරගැනීමට කැමැත්තක් දක්වන බවත් කියවේ. caste ගැටලුවට විසඳුමක් වශයෙන් උතුර ප්‍රදේශය අඩු සැලකිල්ලක් දක්වන්නාවූ caste අයත් ඉහළ පොලිස් නිලධාරියකු යටතට පත්කිරීම සුදුසු නොවේද?

:       0       1

BamunuarachchiSunday, 12 February 2023 05:44 PM

සාධාරණයි එකඟයි. ඔය ටික කෙරෙන්න රටෙන් 2/5 දිය යුතු නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site