IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


උතුරු නැගෙනහිර ගැටලුවට සර්ව පාක්ෂික සමුළුවක්

(සුජිත් හේවාජුලිගේ )

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීම සම්බන්ධයෙන් පොදු සම්මුතියක් ඇති කර ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට අදහස් කරගෙන සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින්  පැවසේ.

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයෙන් පසුව සර්වපාක්ෂික සමුළුව කැඳවීමට කටයුතු කෙරෙනු ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයා උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට අදාළ රජයෙන් යෝජනාවලිය සම්බන්ධයෙන්  එම දෙපළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පසුගිය 18 වැනිදා  සාකච්ඡා පැවැත්විය.

මෙම හමුවේදී  ඇති කරගෙන ඇති එකඟතා සම්බන්ධයෙන් සර්වපාක්ෂික හමුවේදී දීර්ඝව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.


තමාට අවශ්‍ය උතුරු නැගෙනර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බවද    ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව එහිදී පැවසු ජනාධිපතිවරයා  තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන  බවද කියා සිටියේය.

මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන්  කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බවද   වික්‍රමසිංහ  මහතා   පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13  වැනි සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳවද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ. පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල  දිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය.

එසේම පාර්ලිමේන්තුවේ   තුනෙන් දෙකක  බහුතරයක් ඊට අවශ්‍ය බවද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.



 

 



අදහස් (2)

උතුරු නැගෙනහිර ගැටලුවට සර්ව පාක්ෂික සමුළුවක්

රාමක්‍රිෂ්ණ Sunday, 23 July 2023 08:28 PM

යාපනය පුස්තකාලය ගිනි තියලා කලු ජූලිය ඇති කරලා අහිංසක දෙමළ මිනිස්සු පණ පිටින් ගිනි තියලා ඒවා සියල්ල සිංහල මිනිස්සුන්ගේ පිටින් දාලා මුලු රටම ලේ විලක් කරලා උඹලා තමයි මේ රටේ අහිංසක මිනිස්සු අතරට ජාතිවාදය ගෙනාවෙ. උඹලට කිසිම සංහිදියාවක් ඇති කරන්න අවශය නෑ. උඹලට ඕනේ උඹලගේ පන්තිය රැක ගන්න විතරයි. අහිංසක දෙමළ අම්මලටත් සිංහල අම්මලටත් දීපු ගින්දරට තමයි උඹලගෙ පරම්පරාවෙ එකෙක්ටවත් ළමයි නැත්තෙ. සේනානායක බණ්ඩාරනායක කොතලාවල ජයවර්ධන වගෙ උඹලගේ පරපුරවලුත් නැත්තට නැතිවෙනවා සත්තයි.

:       0       0

සිංහල ජාතිවාදී බමුණුආරච්චිMonday, 24 July 2023 07:01 PM

හලෝ ඕන කෙනෙකුට බනිනවා... හැබැයි බණ්ඩාරනායකට වචනයක් කියන්න එපා. එතුමා නිසයි තුම්සේලා 1956 කලින් රාජ්‍ය සේවයේ තියාගෙන හිටපු දෙමළ ආධිපත්‍ය නැති කරලා රටේ සිංහල අපිට රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න ඉඩ ලැබුනේ. ඒ කාලේ හමුදාපතිත් ඔහේලාගේ කෙනෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site