IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


උත්තර පත්‍ර බැලීම පැත්තක දමා ගුරුවරු සල්ලි ඉල්ලා විරෝධයේ

(සුමිත් පොතුපිටිය)

අපොස උසස් පෙල විභාගයේ  උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විදුහලේ ගුරුවරුන් 300 ක් පමණ අද සිය කටයුතුවලින් ඉවත්ව කළුතර බාලිකා විදුහල ඉදිරිපිට විරෝධතාවයක් සිදුකරන ලදී.

රජය මගින් පොරොන්දුවූ අත්තිකාරම් මුදල් ලබානොදිම හේතුවෙන් විරෝධතාව සිදුකරන ලදී.

දින 12 කට පෙරම මුදල් භාරගත් බවට අත්සන් ලබාගත් බවද ඔවුන් පවසති.

පසුගිය අපොස උපෙල විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දින පහෙන් පහට 3000 ක් ලබාදෙන්න පොරොන්දු වුණත් අදට දින 12 වන නමුත් එය ලබාදී නොමැති බවත් ඔවුහූ පවසති .

එහෙත් මුදල් බැරකළ බවට මැසේජ් එකක් දමා ඇතත් මෙතෙක් කිසිදු ගූරුවරයකුට මුදල් ලැබී නොමැති බවත්, මුදල් ලැබීමෙන් පසු නැවත උත්තර පත්‍ර පරීක්ෂා කරන බවත් ඔවුහු පවසති.

 



අදහස් (10)

උත්තර පත්‍ර බැලීම පැත්තක දමා ගුරුවරු සල්ලි ඉල්ලා විරෝධයේ

Jagath Wickramasekara Monday, 26 June 2023 01:27 PM

ජෙප්පො තමා මේ.

:       8       13

සෙනෙවිරත්න Monday, 26 June 2023 01:30 PM

දෙනබව කීව නම් දෙන්න එපායැ. ඒක නිසා මේකට කවුරුත් දොස් කියනවනම් වැරදියි.

:       4       12

SUNIL MILANO Monday, 26 June 2023 02:16 PM

මුන් ගුරුවරු නෙමෙයි .එලොවටත් නැති මෙලොවටත් නැති ගුරු හොරු

:       12       9

SAMI VARESE Monday, 26 June 2023 02:21 PM

රටේ බදු මුදල් වලින් ඉගෙනගෙන තම රටටම ද්‍රෝහී වෙන අවජාතකයෝ

:       8       9

බද්රානි Monday, 26 June 2023 03:01 PM

ඔය ණයට උත්තර පත්තර බලලා, නාහෙන් අඬන වෙලාවේ, ටියුෂන් කඩයක් දාගෙන කුණුහරුප ටිකක් ළමයින්ට කිව්වා නම් ගොඩ.....ළමයි බඩ අල්ලාගෙන හිනා වෙනවා. ඒවා දැකලා ජොලිය වැඩිකමට දෙමව්පියන් කීය හෝ ගෙවලා ළමයින්ව ටියුෂන් කඩේට යවනවා.

:       3       7

Bandara Monday, 26 June 2023 03:30 PM

ලැජ්ජාවක් නැති පිරිසක්... තව රට ගොඩගන්න හැටි fb එකෙන් කියනවා...

:       0       0

Nimal Monday, 26 June 2023 04:12 PM

මොනව කිව්වත් ගුරුවරුන්ට බනින කෙනෙක් ඉන්නව නම්, ඉගෙන ගත්ත එකෙක් වෙන්න බෑ. මොකද හරියට ඉගෙන ගත්ත කෙනෙක්ට කවදාවත් ගුරුවරයෙක්ට බනින්න වචන එන්නෙනෑ..

:       6       7

චන්ද්‍රපාල Monday, 26 June 2023 06:09 PM

මුදල් බැරකලා කියලා මැසේජ් එකක් ආවා නම් බැංකුවට ගිහිල්ලා බලන්න ඕනෑ බැංකුවේ මුදල් තැන්පත් කරලා අතටත් දෙන්නේ නැහැ...

:       0       0

ජයතිලක Monday, 26 June 2023 06:44 PM

එතකොට ඔය බනින අය, මේ ලෝකෙ වැඩක් කරන්නේ නැති අය ඉගෙන ගත්තේ බදු සල්ලි වලින් නෙවෙයිද? මේ රටේ 99.99% ක් ඉගෙන ගත්තේ බදු සල්ලි වලින් තමයි.

:       0       0

gunda Monday, 26 June 2023 10:33 PM

ගුරුවරු නම් ගුරුවරු දෙවිවරු ලෙස වැඩ කරන්න ඕන.සල්ලි පස්සේ දුවන ගුරුවරු අසූචි පස්සේ දුවන බල්ලෝ වගෙයි .කිසිම වෙනසක් නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site