IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩු ගුවනේ තවත් අනතුරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර සිට උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරය බලා පියාසර කළ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දැඩි වායු රික්තකයට හසුවීම හේතුවෙන් ආරක්ෂක පටි පැළඳ නොසිටි මගියෙකු උඩ විසිවී හිසට ඉහළින් ඇති බඩු මලු දමන මැදිරියේ සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එම අනතුර හේතුවෙන් තවත් මගීන් 40 දෙනකු තුවාළ ලබා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

බෝයිං 787 වර්ගයේ එම ගුවන් යානය වායු රික්තකයට හසුවන අවස්ථාවේ මගීන් 325 දෙනකු ගමන් කර ඇති බවත් අනතුරු හේතුවෙන් බ්‍රසීලයේ නටාල් ගුවන් තොටුපොළට ගුවන් යානය ගොඩබා ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. තුවාල ලැබූවන් වාහම නටාල්හි රෝහලක් වෙත ඇතුළත් කිරීමට බ්‍රසීල බලධාරීන් පියවර ගෙන ඇති බවත් සුළු තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය. නමුත් තවමත් මගීන් 11 දෙනකු රෝහල් ගත වී ප්‍රතිකාර ලබන බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

ගුවන් යානය මුහුණදුන් අකරතැබ්බය එහි ගමන් කළ මගින් වීඩියෝ කර සමාජ මාධ්‍යවෙත උඩුගත කර ඇති බවත් ආරක්ෂක පටි පැළඳ සිටීම හේතුවෙන් අනතුරක් නොවී දිවි බේරා ගැනීමට හැකිවූ බව ඇතැම් මගීන් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

නැවත මගීන් ගමනාන්තය බලා රැගෙන යාමට නටාල් ගුවන් තොටුපොළ වෙත තවත් ගුවන් යානයක් පිටත් කළ බවත් තවත් කණ්ඩායමක් අනතුරට ලක්වූ ගුවන් යානය සිදුව ඇති හානිය පිළිබඳ තක්සේරු කරනු ඇති බවත් එයාර් යුරෝපා ගුවන් සේවය එම අනතුර සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේය.



අදහස් (2)

උඩු ගුවනේ තවත් අනතුරක්

පිටිගල මිලානෝ Tuesday, 02 July 2024 11:37 AM

ගුවන් යානයක ආරක්ෂක බඳපටිය යානය නග්ගවන සහ බස්සවන අවස්ථාවලදී පමණක් නොව මුළු ගමන් කාලයේම බැඳ සිටීමට අවශ්‍ය බව මෙවන් සිදුවීම් වලින් පැහැදිලි වේ.

:       0       0

hemantha Tuesday, 02 July 2024 12:35 PM

එංගලන්තයේ වගේ රටවල සුද්දෝ කොරෝනා කාලේ ලොකු උද්ඝෝෂණ කළා මුඛ වාඩම් දාන්න බෑ කියලා. මේ වගේ අය කොහෙත් ඉන්නවා. සමහර මිනිස්සු හිතන් ඉන්නේ උන්ට ලොකු හයියක් තියනවා ඕන දෙයකට ඔරොත්තු දෙන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site