(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත් විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට විහිද යාමේ අවදානමක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.
උඩවේරිය ගිනිහිරිය කොටසේ හටගෙන ඇති මෙම ගින්න හෝර්ටන් තැන්න අධි ආරක්ෂිත කැලෑ රක්ෂිත දෙසට පැතිරී යාමේ අවදානමක් මතුවී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.
පවතින වියලි කාලගුණික තත්ත්වය හා සුළං සමග මෙම ගින්න පැතිරීම වේගවත් වී ඇති බවද ආපදා අංශ සඳහන් කරයි.
මෙම ගින්න පැතිරීම මැඩ පැවැත්වීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට පිටත්ව ගොස් ඇති බවත් අවශ්‍යවහොත් යුද හමුදා බට පිරිස් වල සහාය ලබා ගන්නා බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
ඉතා ඉහල පාරිසරික වටිනාකමක් ඇති ප්‍රදේශයක මෙම ගින්න පැතිර යන බවත් උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට
Tharindu Monday, 11 March 2024 06:53 PM
අහෝ මේ පරිසර පද්ධතියට හානියක් සිදු නොවේවා...!