IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි

(සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ.

ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇති අවස්ථාවේදී එම බලපත්‍ර දෙක ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

අනතුරුව එම නායක ස්වාමීන් වහන්සේ සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ ගැන පැමිණිලි කර ඇත.

ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබා ගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර දෙසීයක් ලබාදී ඇතැයි පසුගිය දිනවල ලොකු කතා බහක් ඇතිවිය.

විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල ඒ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ. තමා බලයට පත්වූ පසු එසේ ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල අහෝසි කරන බව විපක්‍ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

 



අදහස් (7)

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි

චන්දිම Monday, 29 April 2024 05:43 AM

මුන්ට නේද රට හදන්න පළපුරුද්ද තියෙනවා කියන්නෙ?

:       2       20

Akila Monday, 29 April 2024 06:48 AM

රනිල් ල වජිරලා අපහු සුපුරුදු සෙල්ලම් පටන් අරන් වගේ , බලයේ රැදී සිටින්න කරන්න පුළුවන් හැම තක්කඩි වැඩක් ම කරන මොවුන් හදන රටක් නොමැති බව දැන් වත් මහජනයා තේරුම් ගත යුතුයි

:       3       28

Perera Monday, 29 April 2024 07:36 AM

මන්ත්‍රීන්ගේ ඡන්දයකට ඒ බාර් වලින් බෝතල් ගත්තහැකි

:       2       15

Kazi Shajahan Monday, 29 April 2024 10:26 AM

රනිල් එක්ක පසුගිය දවස්වල රට සංචාර ගියේ මන්ද?

:       1       9

සිල්වා Monday, 29 April 2024 10:28 AM

ආණ්ඩුවෙන් ලබාදෙන අල්ලස් නීත්‍යානුකූල ද? අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුය.

:       1       10

Nimal Monday, 29 April 2024 12:12 PM

මේ දෙපත්තේම ඉන්න එවුන් රට අහයි කියලා හිතෙනවා නම් මොලේ ලොකු අවුලක් තියනවා

:       1       5

සෙනෙවිරත්න Monday, 29 April 2024 04:11 PM

සජිත් ඕවා අවලංගු කරන්නේ එයාගෙ අයට දෙන්න. හිතනවාද වටේ ඉන්න ගෝල බාලයින් දිහා බැලුවාම සජිත්ට එහෙම කරන්න පුලුවන් වෙයි කියලා? කිරිඇල්ලලා, සුජීවලා එහෙම කළා කියලා හීනෙන්වත් හිතන්න එපා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

සාම්පූර් සිද්ධියට තිදෙනෙක් රිමාන්ඩ්
2024 මැයි මස 14 6 0

අධිකරණ නියෝගයක් කඩකළ බව කියන ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීමට ඇයගේ නිවෙසට ගිය අවස්ථාවේදී පොලිසියට තර්ජනය කළ සැකකාරියගේ ද


වෙසක් සැරැසිලිවලට ප්ලාස්ටික් තහනම්
2024 මැයි මස 14 110 0

එළඹෙන වෙසක්සමයේ සිදු කරන විවිධාකාර ය සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි.


නිධන් ගන්න ගිය හතක් මාට්ටු
2024 මැයි මස 14 27 0

දංඕවිට දඹුකන්ද ප්‍රදේශයේ කදුකර ප්‍රදේශයක නිධානයක් හාරමින් සිටි යකැදුරකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල සහකාර පොලිස්


රට හදන බාධා නැති කරන්න නව නීතියක්
2024 මැයි මස 14 178 0

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


’’දරුවන් ගැන සිතා සේවයට එන්න’’
2024 මැයි මස 14 944 1

අනධ්‍යයන සේවක වැඩවර්ජනය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවැන්ත අර්බුදයකට පත්ව ඇති බවත් දරුවන් ගැන සිතා සේවයට වාර්තා කරන ලෙස සියලුම අනධ්‍යයන සේ


වෛද්‍ය කපිලගේ ඉල්ලීමට නීතිපති විරුද්ධ වෙයි
2024 මැයි මස 14 1202 1

මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉයුනොග්ලොබින් එන්නත මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දැනට රිමාන්ඞ් භ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 695 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2217 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1908 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site