IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා

(ශාන්ත චන්ද්‍රසිරි   )

2024 වසරේ ගෙවීගිය මාස හයක කාලය  තුළ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පිලී පැනීම් 11 ක් පමණ සිදුව ඇති බවත්ල පසුගිය ජුනි මස පමණක් හතරවතාවක්  දුම්රිය පීලි  පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.

ගලබඩ හා ඉඟුරුඔය අතරදී පසුගිය (30) අලුයම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය පීලි පැනීමකට ලක් වූ බවත්ල මෙසේ නිරන්තරයෙන් උඩරට දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය පීලී  පැනීම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට හා විවිධ අපහසුතාවන් මුහුණදෙන  බව  උඩරට දුම්රිය මගීහු චෝදනා කරති.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය පීලි   පැනීමට ලක්වුවහොත් විශාල දුරක් දැඩි අපහසුතා මැද බස් රථ ලබා ගැනීමට පා ගමනින් යාමට සිදුවන බවත්ල රැගෙන යන ගමන් මලු හා විවිධ බඩු භාහිරාදිය රැගෙන යාමේදී  දැඩි දුෂ්කරතාවන්ට හා විවිධ අපහසුතාවන්ට ලක්වන බවද ඔවුහු කියති.

උඩරට දුම්රිය මාර්ගය නිසි පරිදි නඩත්තු කොට දුම්රිය පීලී  පැනීමට ඇති ඉඩකඩ අසුරා දුම්රිය මගීන්ට අපහසුතාවන්ට ලක් නොවන ආකාරයට දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දුම්රිය මගීහු වගකියයුතු අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටිති.



අදහස් (2)

උඩරට පාරේ මාස 6ට කෝච්චි 11ක් පීලි පැනලා

kotiya Tuesday, 02 July 2024 10:50 PM

ඔය රේල් පාර ගලවා දාලා ඕකට තාර දාලා බසුයි ලොරියි දුවපල්ලා. ඇතුල් වෙන හැම වාහනේකින්ම ඇතුල්වීමේ ගාස්තුවක් ගත්තා නම් වැඩෙත් කෙරෙනවා. ලාබත් ලබනවා.

:       0       0

Chaminda Wednesday, 03 July 2024 12:32 PM

ගම්බද වගේම නාගරික ප්‍රදේශවල අතුරු මාර්ග වල හැන්දෑයාමයේ පාරවල් පුරා එහෙට මෙහෙට විසිවෙමින් යන මිනිස්සු ඉන්නවා සමහරක් අය නම් පාරවල් අයින්වල වැටිලත් ඉන්නවා මොකද දන්නෙ නැහැ එහෙම වෙන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 557 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site