IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

(සමන් පාලිත නානායක්කාර )

බදුල්ලේ සිට  කොළඹ බලා ධාවනය  වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය උලපනේ දුම්රිය ස්ථාන ආසන්නයේදී ඊයේ පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනය අද (08) අළුයම වන විට යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය.

බදුල්ල සිට  කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ ඇන්ජිම උලපනේ දුම්රිය ස්ථානය  ආසන්නයේදී මෙසේ පීලි පැන තිබුණි.

කෙසේ  වෙතත් දුම්රිය මගීන් බස් රථ මගින් ගම්පොළට හා නාවලපිටියට ප්‍රවාහනය කර දුම්රිය මගීන් සදහා   ගම්පොලින් හරවා කොළඹටත් නාවලපිටියෙන් හරවා බදුල්ලටත් යාමට පහසුකම්  සලසා දී තිබූ බවද දුම්රිය පාලක මැදිරිය පැවසීය.

අද (08) අළුයම සිට උඩරට මාර්ගයේ සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය  වන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය. 

 



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site