IMG-LOGO

2024 දෙසැම්බර් මස 11 වන බදාදා


උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ මහින්ද නිශ්ශංක

පස්කදු ගල්පර්වත කඩා වැටීමෙන් අවහිර වී ඇති උඩරට දුම්රිය මාර්ගයේ  බදුල්ල සහ   දෙමෝදර දුම්රිය   ධාවනයට තව දින කීපයක් ගතවන  හෙයින් කොළඹ කොටුව බදුල්ල අංක 1045 රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල කොළඹ කොටුව අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය  දැනට කොළඹ කොටුව  බණ්ඩාරවෙල   දුම්රිය     ස්ථානය දක්වා පමණක් ධාවනය වන බව   නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය  අද (29)  පැවසීය.

ඒ අනුව බණ්ඩාරවෙල සිට රාත්‍රි  8.00ට  අංක  1046 දරන රාත්‍රී තැපැල් දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇල දෙමෝදර අතර දුම්රිය මාර්ගයට ඉකුත් (25) වන දින විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මේ වනවිටත් මුලුමනින්ම ඇණ හිට තිබේ.

නානුඔය ප්‍රධාන  දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු ඇන්ටන් විරෝෂන් වික්‍රමරත්න මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ඊයේ (28) පස්වරුවේ මෙම ස්ථානයට පැමිණ පරික්ෂා කරමින් එම පස්කදු ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබූහ.

කෙසේ වෙතත්  එම දුම්රිය මාර්ගය ට  පස්කන්ද   කඩා වැටී ස්ථානයයේ ජල පහරක් තවමත් ගලායමින් නායයාම සක්‍රීය මට්ටමේ ඇති බවත් එම පස් ඉවත් කිරිමේදී තව දුරටත් පස්කදු කඩා වැටෙන බවත් දුම්රිය බලධාරීන් කීහ.

කෙසේ වෙතත් දැනට දුන්හිඳ , ඇල්ල  ඔඩිසි දුම්රියන් ඇල්ල කොළඹ කොටුව අතරත්, පොඩිමැනිකේ , උඩරටමැණිකේ ,විශේෂ සීඝ්‍රග්‍රාමි දුම්රිය මෙන්ම භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර  දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව , මහනුවර බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

 



අදහස් (0)

උඩරට දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

ඔබේ අදහස් එවන්න

දියත

‘රිලවුන් රට යවන්න තවමත් අවස්ථාව තියෙනවා‘
2024 දෙසැම්බර් මස 11 83 0

චීනයේ සත්ව උද්‍යාන වලට රිලවුන් යැවීමට තවමත් අවස්ථාව ඇති බැවින් ඒ ව්‍යාපාතිය ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු කෘෂිකර්ම ඇමති මහින්


කෝටි 13 ක කුඩු සමග අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 11 375 0

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා ම


හාල් - පොල් ගැන ආණ්ඩුව ජනකාන්තවාදී බොරු කියනවා
2024 දෙසැම්බර් මස 11 688 0

හාල් සහ පොල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවත් ජනාධිපතිතුමා මේසෙට තට්ටු කර වී මෝල්හිමියන්ට එකඟ වියහැකි ගණනකින්


අයවැයෙන් ’’උඩ-බිම’’ ගමනට සලකන හැටි කතා කරයි
2024 දෙසැම්බර් මස 11 687 0

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අයවැය යෝජනා පිළිබද සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධා


මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්
2024 දෙසැම්බර් මස 11 443 0

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලි


විදුලි ගාස්තුව ගැන අවසන් තීරණය ජනවාරි 17 ගන්නවා
2024 දෙසැම්බර් මස 11 408 1

ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සම්බන්ධ යෝජනාව සම්බන්ධ අවසන් තීරණය ලබන ජනවාරි මස 17 වැනිදා ගන්නා බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැව


මේවාටත් කැමතිවනු ඇති

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 32 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 40 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 05 98 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී දෙනියාය ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 52 වැනි ශාඛාව දෙනියාය, පල්ලේගම

Our Group Site