IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා

(යොහාන් භාසුර)

මධ්‍යම පළාතට ඇඳ හැළෙන අධික වර්ෂාව හේතුවෙන් කඳු කඩා වැටීම සහ ගල් පෙරළිමෙන් දුම්රිය මාර්ගය අවහිරවීමෙන් අද (1)  කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් ධාවනය කිරීමට නියමිතව රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්වය හේතුවෙන් අද (1) පෙරවරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කර දුම්රියන් මේ වන විට නාවලපිටිය හා හැටන් දුම්රිය ස්ථාන වල නවතා ඇති බවත් දුම්රිය මාර්ගයට සහ බස් මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් දුම්රිය තුළ සිටින මගී ජනතාව වෙනත් දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ද ගැටලුකාරී වී ඇති බවත් වාර්තා වේ.

දුම්රිය මාර්ගයට ප්‍රදේශ කීපයකදී පස් කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් සහ විශාල ගල් පෙරලීමෙන් දුම්රිය මාර්ගය අවහිරවී ඇති බවත් කොටගල දුම්රිය ස්ථානය සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර, රෝසැල්ල දුම්රිය ස්ථානය සහ වටවල දුම්රිය ස්ථානය අතර, වටවල දුම්රිය ස්ථානය සහ ගලබඩ දුම්රිය ස්ථානය අතර, ගලබඩ දුම්රිය ස්ථානය සහ ඉඟුරුඔය දුම්රිය ස්ථානය අතර, නානුඔය දුම්රිය ස්ථානය සහ ග්‍රේස්වෙස්ටන් දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය අවහිර වී තිබේ.

වටවල දුම්රිය මාර්ගයේ වටවල සහ ඉහළවටවල දුම්රිය ස්ථාන අතර විශාල ගල් පර්වතයක් දුම්රිය මාර්ගයට පෙරළී ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය මාර්ගයට ඉහළින් තිබූ අඩි 12ක් පමණ උසකින් පමණ මෙම ගල පුපුරුවා හැරීමට සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.

(රංජිත් රාජපක්ෂ)

 



අදහස් (0)

උඩරට දුම්රියට වර්ෂාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site