IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


ඊළම ප්‍රවර්ධනය කළ තරුණයාට ඇප

(රෝෂන් තුෂාර)

දෙමළ ඊළාම්  මහවිරු සැමරුම ප්‍රවර්ධනය වන ආකාරයේ අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ පලකලේ යැයි  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන සැකකරු ඇපමත මුදාහැරීමට  කොළඹ මහෙස්ත්‍රාත්  තිළිණ ගමගේ මහතා අද (04)  නියෝග කළේය .

මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල වීය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීමට එරෙහිව රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ බුද්ධි ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර  අද දින ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ඇප නියම කළේය.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව සඳහන් කළ  රහස් පොලිසිය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.

මහජන කැලඹීමක් සිදුවූ බවට තහවුරු කෙරෙන සාක්ෂි ඉදිරිපත් කර නොමැති අවස්ථාවක  මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා තමන්ට සාක්ෂි නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බවට පෙන්වාදෙමින් ඇප නියම කළේය.

සැකකරුට ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය අප්‍රේල් මස 03 වනදා ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.



අදහස් (1)

ඊළම ප්‍රවර්ධනය කළ තරුණයාට ඇප

Nishan Thursday, 05 December 2024 06:13 AM

ඊළම ප්‍රවර්ධන සැමරුම් කරපු සිය ගාණක් නිදහසේ ඉන්නවා ඒ සැමරුම් ගැන චායාරූප පල කල දෙතුන් දෙනා අල්ලලා හිරේ දානවා. අනේ මෙහෙමත් නිවට ආණ්ඩුවක්. නිවට කමද නැත්නම් උතුරට දීපු පොරොන්දුද දන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 12 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1529 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site