(සුජිත් හේවාජුලිගේ)
විදේශ රැකියා සදහා ඊශ්‍රායලයට යැවීම නවත්වා තිබෙන බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය .
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මැද පෙරදිග කලාපයේ ගැටුම් කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකේම ලංකාවේ අය ඉන්නවා.ඊශ්‍රායලයේ පිරිස වැඩියි. ගැටුම් උග්‍ර වීම සමග ගුවන් සීමා වහලා තිබෙනවා.මේ සම්බන්ධයෙන් අපි අමාත්‍යාංශයක් ලෙස මැදිහත්වීමක් කරගෙන යනවා.
අපේ තානාපති කාර්යාල සමග සාකච්ඡා කරමින් වැඩකරනවා.අපේ ප්‍රමුඛත්වය ශ්‍රී ලංකා පුරවැසියන් ආරක්ෂා කිරීමයි දෙන්නෙක් ඊශ්‍රායල් වලදී තුවාල ලබා තිබුනා.ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබෙනවා.ටෙල්අවි සදහා යන්න ගියපු ගුවන් මගීන් පිරිසක් අපහසුතාවට පත් වෙලා තිබුණා . ඔවුන්ට ශ්‍රී ලංකා ගුවන් සේවය හරහා ලංකාවට එන්න තිබුනා.ඒ අය එනවාද නැත්නම් යනවාද කියලා තීරණය කරන්න ඕන.
දෝහා තානාපති කාර්යාල සමගත් අපි සම්බන්ධතා පවත්වාගෙන යනවා. කවුරු හරි ලංකාවට එන්න අවශ්‍ය නම් ජෝර්දාන් හරහා එන්න පුලුවන්.තානාපති කාර්යාලයට එම ඉල්ලීම් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඊශ්‍රායලයේ කොහොමත් බංකර් තිබෙනවා.ආරක්ෂා වෙන්න ඒවාට යොමුවෙන්න වෙනවා. ඒ රටේ නීතියට අනුව නිර්දේශ වලට අනුව කටයුතු කරන ලෙස ශ්‍රීලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඊශ්‍රායලයේ රැකියාවලට යැවීම නවත්වයි
රම්බොඩ Monday, 16 June 2025 04:49 PM
ගැටුම් සමථයකට පත්වනතුරු නොයවන එකයි සුදුසු. ජීවත් වෙලා ඉන්න එපැයි මොනවා කරන්නත්...