
(විමුක්ති එස් රුද්‍රිගු)
හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර මාස 14 කට ආසන්න කාලයක් පැවැති ගැටුම් අවසන් කරමින් දෙපාර්ශවය අතර එළැඹි සටන් විරාම ගිවිසුම ඊශ්‍රායල වේලාවෙන් අද(27) අලුයම 4 ට බලාත්මක විය.
සටන් විරාම ගිවිසුම ඊශ්‍රායලය, ප්‍රංශය සහ ඇමෙරිකාවේ විසින් ඊයේ(26) නිවේදනය කරනු ලැබුවේය. සටන් විරාම ගිවිසුමට ඊශ්‍රායල ජාතික ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 කගේ අනුමැතිය හිමිවුණු අතර එක් අමාත්‍යවරයකු ඊට විරෝධය පළ කළේය.
සටන් විරාම ගිවිසුමට දින 60 ක සංක්‍රාන්ති කාලයක් ඇතුළත්ව ඇත. එම කාලයේදී ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයෙන් ඉවත් වනු ඇති අතර ලෙබනන හමුදාව 5000 ක පමණ භට පිරිසක් ඊශ්‍රායල දේශ සීමාවේ ස්ථාන ගත වෙමින් මුර පොළවල් 33 ක් පිහිටුවීමට නියමිතය.
එම කාලය තුළදී හිස්බුල්ලා සටන්කාමීන් දකුණු ලෙබනනයෙන් ඉවත් වී හිස්බුල්ලා සංවිධානයේ මුරපොළවල්ද දකුණු ලෙබනනයෙන් ඉවත් කරගනු ඇත. කෙසේ නමුත් සටන් විරාම ගිවිසුමත් සමඟ ඇමෙරිකාවේ තවත් ලිපියක්ද නිකුත් කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරනු ලැබුවහොත් එයට ප්‍රතිචාර දැක්වීමට ඊශ්‍රායලයට සම්පූර්ණ අයිතිය තිබෙන බවට එහි සඳහන්ව තිබිණි.
අවසන් ගිවිසුම දැක නැති වුවත් සටන් විරාම ගිවිසුමට එකඟ වන බවත් ඊශ්‍රායලය ගිවිසුමට අත්සන් තැබූ එය සමාලෝචනය කිරීමෙන් පසු ලෙබනන බලධාරීන් එකඟ වූ සහ හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශකල කොන්දේසි අතර ගැලපීමක් තිබේදැයි විමසා බලන බවත් හිස්බුල්ලා දේශපාලන මණ්ඩලයේ උප සභාපති මහමුද් ඛමාති ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊශ්‍රායල් - හිස්බුල්ලා සටන් විරාමය බලාත්මක වේ
රුවන් Wednesday, 27 November 2024 07:15 PM
මැදපෙරදිග කියන්නේ මිනිස් ශිෂ්ටාචාර ආරම්භ වුණු ප්‍රදේශ, අද ලේ වැගීරිම් විතරයි...!