IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායල් සිහිනය බොඳ කරලා

 

(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ විමර්ශන ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හලාවත වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊශ්‍රායල් රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ කාර්යාංශ විමර්ශන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වා ඇති අතර ඒ අතරතුර මරදාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කාර්යාංශයේ විමර්ශන අංශය වෙත බාරදී තිබේ.

යම් පුද්ගලයකුට හෝ ආයතනයකට විදෙස් රැකියාවක් ලබා ගැනීම සඳහා මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා ලබාදීම සඳහා වලංගු බලපත්‍රයක් තිබේදැයි සොයා බලන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින් ඉල්ලා සිටී.

කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස එම තොරතුරු දැන ගන්නා ලෙස කාර්යාංශය දන්වා සිටී.

 



අදහස් (0)

ඊශ්‍රායල් සිහිනය බොඳ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site