IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා මිය ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

අතුරුදන්ව සිටි අනුලා ජයතිලක මහත්මිය පසුගිය 7 වැනිදා හමාස් ඉස්ලාමීය සටන්කාමීන් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේදී මිය ගොස් ඇති බව අද (17) තහවුරු වූ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

දේහය හඳුනා ගැනීමෙන් පසුව දින දෙකක් ඇතුලත ඊශ්‍රායල පොලිසිය අනුලා ජයතිලක මහත්මියගේ දේහය තානාපති කාර්යාලයට බාර දෙනු ඇති බවත් අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම පිළිබඳව තොරතුරු ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් බණ්ඩාර මහතා පැවසුවේය.

අවසන් ගෞරව දක්වා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව අනුලා ජයතිලක මහත්මියගේ දේහය ඥාතීන් වෙත බාර දෙනු ලබන බව තානාපති බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

හමාස් ඉස්ලාමිය සටන්කාමීන් ප්‍රාණ ඇපයට ගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවට තොරතුරු තහවුරු වී නොමැති බවද බණ්ඩාර මහතා පැවසුවේය.

අනවසරයෙන් දේශසීමා හරහා ජෝර්දානයේ සිට ඊශ්‍රායලයට ඇතුල්වීමේ දී ඊශ්‍රායල හා ජෝර්දාන දේශසීමා ආරක්ෂක සෙබළුන් විසින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා නැවතත් ජෝර්දානයට යැවීමට කටයුතු කරන බවත් මේ වනවිට බටහිර ගාසා තිරයෙන් පවුල් 3 කට අයත් ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු ඉවත් කර ගැනීමට පලස්තීන නියෝජිත කාර්යාලය කටයුතු කර ඇතැයි තමන්ට දැන ගන්නට ලැබී තිබෙන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (1)

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ අනුලා මිය ගිහින්

ලප කුමාර අනුර Wednesday, 18 October 2023 12:31 AM

ලන්කාවෙ කාන්තාවන් ගෘහස්ථ සේවිකාවන් සෙටියට බොහොමයක් රට වලට යන්නෙ මුදල් ඉපයීමට . සමහරු ඒ වෙනුවෙන් ජීවිතය පවා පූජා කරනවා . අපෙ පාලකයන් ගේ වරද නිසා . මාලිමාවෙ රජයක් යටතේ .ලන්කාවෙ කාන්තාවන් ගෘහස්ථ වහලුන් සෙටියට යවන්න දෙන්නෙ නෙහෙ. ඔවුන්ට ලන්කාවෙ ම රැකියාවක් කිරීමට අවශ්‍ය ඉඩ කඩ සලසා දෙනවා . මාලිමාව වටා ජෙ වී පී එකට එකතු වන්න. ඡන්දය දෙන්න.

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site