IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඊයම් ප්‍රමාණය ලේබලයේ සඳහන් කරන නියෝගය නොසලකා හැරලා

(විනීතා එම් ගමගේ)


තීන්ත නිෂ්පාදනවල අඩංගු ඊයම් ප‍්‍රමාණය නීත්‍යනුකූලව අවසර ඇති ප‍්‍රමාණයට වඩා අඩු බව ලේබලයේ සඳහන් කිරීම ශ්‍රී ලංකාවේ අනිවාර්ය වන නමුත් එම තොරතුරු අඩංගු වන්නේ තීන්ත නිෂ්පාදනවලින් ඉතාම සුළු  ප‍්‍රමාණයක  පමණක් යැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 


පාරිභෝගික කටයුතු අධිකාරිය  විසින් නිකුත් කරන ලද අංක 1985/38  සහ 2016 සැප්තැම්බර් 23 දිනැති අති විශේෂ ගැසට් පත‍්‍රය අනුව සෑම තීන්ත නිෂ්පාදනයකම අන්තර් ගත ඊයම්  ප‍්‍රමාණය නිත්‍යානුකූල අවසර ලත් ප‍්‍රමාණයට වඩා වැඩි බව ලේබලයේ සඳහන් කළ යුතු  වේ.


2009 අංක -09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 12(2)  වගන්තිය යටතේ කි‍්‍රයාකරමින් අංක 1725/30 සහ 2011 සැප්තැම්බර් 30 වැනිදා නිකුක් වූ අතිවිශේෂ ගැසට් පත‍්‍රය අනුව ඉමල්ෂන් තීන්තවල තිබිය හැකි උපරිම ඊයම් ප‍්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලි ග්‍රෑම් 90 ක් වන අතර එනැමල් තීන්ත සඳහා එය කිලෝ ග්‍රෑමයකට මිලිග්‍රෑම්  600ක් වේ. 


අගනුවර ආශි‍්‍රතව නිෂ්පාදනය වන තීන්ත වර්ග කිහිපයක පමණක් මෙම තොරතුරු අඩංගු බව පෙන්වා දුන් පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ඉන් බැහැර කිසිදු නිෂ්පාදනයක මෙම තොරතුරු අඩංගු නොවන්නේ යැයි ද පැවසීය. 


මෙය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝණය කිරීමක් වන්නේ යැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.


 බැර ලෝහයක් වන ඊයම් විෂ සහිත ලෝහයක් වන අතර කුඩා දරුවන්ට හා ගැබිණි කතුන්ට අහිතකර වන බව පෙන්වා දුන් විතානගේ මහතා ඊයම් විෂවීම හේතුවෙන් දරුවන්ගේ මොලය වර්ධනය අඩාල වන බව ද පෙන්වා දුන්නේය.   


ඊයම් අඩංගු තීන්ත අතර විශේෂයෙන්ම ටර්පන්ටයින් හෝ තිනර්වලින් දිය කරන තීන්ත දීප්තිමත් රතු කහ, කොළ තැඹිලි, වැනි වර්ණයන් ගෙන් යුත් තීන්ත ද කාර් බැටරි, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඊයම් මිශ්‍රීත සෙල්ලම් භාණ්ඩ දරුවන්ගේ  පාසැල් උපකරණ ආදිය අතපත ගෑමේ දී ඊයම් ශරිර  ගත විය හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 


නේපාලයේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදුකළ පර්යේෂණයක් අනුව ඉන්දියාවෙන් හා චීනයෙන් ගෙන්වන ලද ප්ලාස්ටික් සහ රබර් සෙල්ලම් භාණ්ඩ වල අඩංගුව තිබු ඊයම් ප‍්‍රමාණයන් කිලෝ ග්‍රෑමයකට මිලි ග්රූම් 4688 සිට 185 දක්වා විවිධ අගයන් ගන්නා බව හෙළිවී තිබෙන බවත් ඊයම්වලට අමතරව බොහෝ විට මෙම භාණ්ඩයන්හි කැඩ්මියම්, ක්‍රෝමියම්, සින්ක්,  හා තැලේට් වැනි ලෝහ වර්ගද ඇතැයි හෙළි වී ඇති බවත් විතානගේ මහතා කියා සිටියේය. 


හේමන්ත විතානගේ මහතා මේ අදහස් පළ කළේ පරිසර යුක්ති කේන්ද්‍රයේ අද (16) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (0)

ඊයම් ප්‍රමාණය ලේබලයේ සඳහන් කරන නියෝගය නොසලකා හැරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site