
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූවාය .
එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවියද මරණයට පත්වී ඇති බවත් එම සිසුවිය සියදිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් සාප්පු සංකීර්ණයක්වූ එම ගොඩනැගිල්ලේ 12 වැනි තට්ටුවෙන් බිමට පැන ඇති බවත් ජපන් පොලිසිය පැවැසුවේය. තුවාල සහිතව කාන්තාවක් සහ තරුණියක් බිම වැතිර සිටින බවට පසුගිය 31 වැනිදා සවස 6 ට පමණ ජපාන පොලිසියට ඇමැතුමක් ලැබී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.
තුවාල ලබා සිටි කාන්තාව සහ තරුණිය රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළත් ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති බව එරට මාධ්‍ය පැවැසුවේය.
17 හැවිරිදි පාසල් සිසුවිය 32 හැවිරිදි කාන්තාවගේ ඇඟට වැටෙන අයුරු අසළ ගොඩනැගිල්ලේ තිබූ සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවද පැවැසෙයි. 32 හැවිරිදි කාන්තාව ආයතනික සේවිකාවක් බවත් 17 හැවිරිදි පාසැල් සිසුවිය උසස් පාසලක තෙවැනි වසරේ ශිෂ්‍යාවක් බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉහළ මහලෙන් පැන්න තරුණිය කතකුත් මරාගෙන මැරෙයි
Manjula Monday, 02 September 2024 05:29 PM
අපේ රටේ නම් ඔක්කෝටම ඉස්සර ටීවිවල වැටෙන හැටි පෙන්නලා...!