(ශාන්ත චන්ද්‍රසිරි)
සෞදි අරාබියට ගෘහ සේවයට ගිය කාන්තාවකට එම රටේදී ශරීරයේ විවිධ ස්ථාවලට අල්පෙනෙති කටු ගසා වධ හිංසා පමුණුවා ඇති අතර එම කාන්තාව ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියි.
එම කාන්තාවගේ ශරීරයේ ඇති අල්පෙනෙති දෙකක් ඉවත් කිරීමෙන් පසු ඉතිරි කටු ඉවත් කිරීමේ සැත්කමට ලක් කිරීම සඳහා යළි ලබන මස රෝහල්ගත වෙන ලෙස වෛද්‍යවරුන් ඇය දන්වා ඇත.
තලවකැලේ ලිඳුල ගැනිගල් වත්තේ හෙන්ෆොල්ඩ් කොටසේ පදිංචි 30 හැවිරිදි මවක මෙම සිද්ධියට මුහුණ පා ඇත.
ඇයට පහරදී අල්ලට,කලවා ප්‍රදේශවලට මෙන්ම ශරීරයේ කීහිප තැනකමට කටු ගසා ඇත. භාෂාව නොදන්නා නිසා මෙම වධ හිංසා සිදු කළ බව වධ හිංසාවට ලක් වූ කාන්තාව පවසයා ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉසුරු සොයා ගිය කතට අල්පෙනෙති ගහලා
vernon Monday, 17 July 2023 11:33 AM
ඔය වගේ කතාවක් වසර ගාණකට කලිනුත් මාධ්‍යවල පළ වුනා. භාෂාව නොදන්නවා වුනාට රිදෙනවා දැනෙනවානේ. අනික එහෙම ගැහුවා නම් ඒ රටින් එනකම් හිටියේ කොහොමද? රේගුවේදි යන්ත්‍ර වලට අහුවෙන්නේ නැද්ද?අනික රට රස්සාවට යන්න කලින් විදේශ සේවා නියුක්ති කාර්යාලේපුහුණුව ගත්තෙ නැද්ද?
Pradeep KumaraMonday, 17 July 2023 12:57 PM
විදේශ සේවා එකේ පුහුණුවට ඔයා කවදා හරි ගිහින් තියනවද? පුහුණුවේදී මොනවද කරන්න දෙන්නේ කියලා දන්නවද? බොහෝ විට ගෘහ සේවයට යන්නේ එතරම් අධ්‍යාපනයක් නැති අයයි, එහෙම කෙනෙකුට දවස් 14කින් විදෙස් භාෂාවක් ඉගෙන ගැනීමට පුළුවන්ද? කරන්න ඕනෑ මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා වුණත් මේ ඒකට තැන නෙමෙයි...
vernonTuesday, 18 July 2023 09:12 AM
විදේශ සේවා එකේ පුහුණුවට ගියාම භාෂාව පුළුවන් වෙන කතාවක් නෙවෙයි කියන්නේ. තමන් යන්නෙ කොහාටද එතන වෙන්නේ මොනවද වෙන්නේ කියන එකවත් මේ රටේදි දැන ගන්න ක්‍රමයක් ඒක. අර කලින් සිද්ධියෙදි අධිකරණ වෛද්‍ය වාර්තා හොයලා බැලුවා නම් ඇත්ත නැත්ත දැන ගන්න පුළුවන්.
.බද්රානි Monday, 17 July 2023 02:11 PM
ඒ මිනිස්සු වැඩකාරයෝ ගන්නේ හුරතල් කරන්න නෙමේ. ඒ රටවල මිනිස්සු පොහොසත් වෙලා, ඇයි උඹලා හිඟන්නෝ වෙලා තියෙන්නේ කියලා හිතපල්ලා....