IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉසුරුපාය ඉදිරිපිට කලබල කළ හතරක් රිමාන්ඩ්

(බුද්ධික කුමාරසිරි)

ඉසුරුපාය ඉදිරිපිට විරෝධතා පවත්වමින් කළ බල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිවු දෙනා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙළ වැඩ බල මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා නියෝග කළේය. 

ගුරුසේවයට බදවා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී එකමුතුව සංවිධානය කළ විරෝධාතව අතර තුර කලබල කළ සිවු දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් එදිනට හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය. 



අදහස් (5)

ඉසුරුපාය ඉදිරිපිට කලබල කළ හතරක් රිමාන්ඩ්

රුවන් Monday, 02 December 2024 05:55 PM

මේ අයට ගුරු වෘත්තිය ගැලපෙන්නේ නෑ, ගුරුවරු වුණාම සාමකාමී, බුද්ධිමත් පිරිසක් වෙන්න ඕනේ. කොහොමද ළමයින්ට ආදර්ශමත් වෙන්නේ? ලංකාවේ ගොඩාක් අය ඉගෙනගෙන කරන්න රැකියාවක් නැති වුණාම තමයි ගුරුවරු වෙන්න බලන්නේ. දියුණු රටවල නම් තමන් කැමැතිම වෘත්තිය තමයි තෝරා ගන්නේ. ඒකයි ඒ රටවල් IQ ශ්‍රේණිගත කිරීම් වල ඉහළින්ම ඉනෙත් ලංකාවේ පහළින්ම ඉන්නෙත්. අද ලංකාවේ ළමයින් ෆින්ලන්තයේ ළමයිගේ බුද්ධිය වගේම උගත්කම අහසට පොළව වගේ...

:       7       27

pjTuesday, 03 December 2024 09:09 AM

කියන්නෙ මොනවද කියල පැහැදිළි නැහැ. ඒත් හැට නව ලක්ෂයක් හරක් බිහිවුනේ ගුරැවරැන් නිසා ම නොවන බව නම් පැහැදිළියි.

:       2       1

Sugath Dissanayaka Monday, 02 December 2024 07:23 PM

අද මෙයාලා හැසිරිච්ච ආකාරය අන්තිම අශීලාචාරයි. ප්‍රශ්නයක් විසඳගන්න ක්‍රමයක් තියෙනවා. ගුරුවරු නම් දැනගන්න ඕන. ඉස්සෙල්ලා අධ්‍යාපන ඇමැතිට ලියුමක් යවලා වෙලාවක් අරගෙන කතා කරන්න ඕනි. එහෙම බැරිවුණානම් ඊලග පියවරට යන්න පුළුවන්. අළුතින් ආණ්ඩුවක් පත්වෙලා දවස් කීයද? එක පාර ඔළුවට පොල්ලෙන් ගහනව වගේ විරෝධතා කරන එක අසාධාරණයි.

:       0       0

pakeer Monday, 02 December 2024 07:39 PM

රුවන් ඔබ හරි... මම දන්න ගෑණු කෙනෙක් ඉන්නවා එයා ඉංජිනේරුවෙක් හැබැයි. ගුරු වෘත්තිය තෝරාගත්තා... ළමයාව බලන්න කෙනෙක් නැහැ කියලා... උගන්නන්න දන්නේ නැහැ එයා..

:       0       0

Haramanis Tuesday, 03 December 2024 12:12 PM

කොවිඩ් 19 කාලේ ස්ට්‍රයික් කලේ ගුරුවරු නොවේද ?එයාලා බුද්ධිමත් නැති බව තේරෙනවා නේද ?කන්න ඕන උනාම කබර ගොයා තලගොයා කරගන්න සෙට් එකක්

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 626 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site