(ටී.කේ.ජී.කපිල)
ප්‍රබල පාතලය ක්‍රියකාවකු වූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත සැකකරුවන් පස් දෙනා නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් කටුනායක දිවයිනට අද (15) රාත්‍රී රැගෙන ආ බව පොලිසිය කියයි.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද පස්වරු 6.54ට පමණ රැගෙන එන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.
ප්‍රබල පාතාල කල්ලි නායකයකු ගණේමුල්ලේ සංජීව නමැත්තා කොළඹ අලුකඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දී සහ ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි අපරාධකරුවන් පස් දෙනකු නේපාලයේ කත්මණ්ඩු නුවර මහල් නිවාසයක සැඟව සිටියදී ඉකුත් (13) වැනි දා අත්අඩංගුවට ගත්තේය.
නේපාලයේදී අත්අඩංගුවට ගත් පස්දෙනා අතර ඉෂාරාගේ රුවට බෙහෙවින් සමාන යාපනයේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක, කෙහෙල් බද්දර පද්මෙ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකු බවට සැලකෙන ජේ. කේ. බායි, ජැෆ්නා සුරේෂ්, ගම්පහ බබා යන පිරි අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.
අත්අංගුවට ගත් එම පිරිස නේපාලයේදී කිසිසු අපරාධ ක්‍රියාවක් නොකිරීම මත එරටින් පිටුවහල් කිරීමට එරට පොලිසිය කටයතු කළේය.
බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් මීට දින පමණ ඉහතදී නේපාලයේ කත්මණ්ඩු නුවරට ගොස් එක් වී කරන ලද මෙහෙයුමකදී ඉෂාරා ඇතුළු පස්දෙනා කොටු කර ගනු ලැබූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉෂාර සෙව්වන්දි දිවයිනට රැගෙන එයි
ලොක්ක Wednesday, 15 October 2025 07:14 PM
රජයට ස්තුතියි, මෙම අපරාධ කරුවන් මෙරටට රැගෙන ආවාට...
Lalith Wednesday, 15 October 2025 07:49 PM
මේ ඇත්ත සෙව්වන්දිද? හොර සෙව්වන්දිද? ඇත්ත සෙව්වන්දි කෙට්ටුයි නේද? නැතිනම් නේපාලයේ කෑම හම්බවෙලාද?
තංගල්ලේ මෙත්-මල් Wednesday, 15 October 2025 08:15 PM
මෙයාගෙ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරුවා කියලා අර ඕන එකකට ඇඳගන්න මෝඩ පුතා දැන් නිවේදනයක් දායි...
පන්සළු Wednesday, 15 October 2025 08:29 PM
රතු පළස දාලා පිළිගනිමු...
සමන් - ඕමානයWednesday, 15 October 2025 09:40 PM
මේ පාර අපේ ගරු ඇමැතිතුමා සහ පොලිස්පති තුමා ගියේ නැද්ද දන්නේ නෑ... මේ ගොල්ලන්ව මල් මාලා දාලා පිළිගන්න..!
තංගල්ලේ මෙත්-මල්Wednesday, 15 October 2025 10:03 PM
පොලොව ඉඹල, පපුවට ගහගෙන මම තමයි රට, ජාතිය ආගම බේරාගත්තේ කියන්නත් ඕනෑ... රටම විනාශවුනේ අපේ පවුල නිසා කියලා අධිකරණය කිව්වාට, බයියෝ අපිට ආදරෙයි තාමත්...
MindZap Wednesday, 15 October 2025 08:36 PM
සෙව්වන්දිව දකින්න ආසාවේ පහුගිය කාලෙම වැලපෙමින් හිටපු විපක්ෂයේ කට්ටියේ බර ගාණක් හිටියා. දැන් ඉතින් තවත් මයික් ඉස්සරහ අඩන්න කවි කියන්න පලි ගහන්න ඕනි නැහැ. බස් එකක් දාගෙන එයාර් පොට් ගිහින් කට්ටියටම පුළුවන් ඇස් වලින්ම බලාගෙන දෙය්යනේ කියල සැනසෙන්න. සජබෙන් පොහොට්ටුවෙන් ඔය වැඩේට ඒකාබද්ධව වැඩපිළිවෙලක් යොදාගන්න.
Chandana Wednesday, 15 October 2025 10:01 PM
ඔව්.. ඔව්..
Nihal Wednesday, 15 October 2025 11:42 PM
ඔන්න ඔය වගේ තත්වයට ගෑණු පත්වෙන එක වළක්වා ගන්නයි කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ බණ කියන්නේ, එක දවසක් ඇහුවා නම් ජීවිතය මෙවැනි තත්වයකට පත්වෙන්නේ නෑ...
චතුරි Thursday, 16 October 2025 05:15 AM
දැන් මෙයා හොරනඩේගෙ විස්තර වමාරන්න කලින්. නාමල් බේබි කියයි. දැන් අලුත් සෙල්ලම. පාතාලයේ කට්ටිය අල්ලන එක කියලා. මෙයා කියයිද දන්නෙ නැහැ. නමගිය බබෙක්. මට වැටුප් ගෙව්වා රැකියාවක් නොකර කියලා. එහෙම කිව්වොත් බේබිලට දුවන්න ඉඩ මදි
Nihal Thursday, 16 October 2025 05:48 AM
මාපිලා ඩෝබිලා දන්නේ නැහැ තමන් හෙළුවෙන් කියලා. එක ගැහැනියක් අල්ලගන්න බැරුව මාස හතක් දැඟලුවා . පස්සේ වෙන රටක උන් ටිකක් අල්ලලා දුන්නහම ඩෝබිලට තියෙන ජොලිය. නුඹලා හරිම පොඩි මිනිස්සු. සෙව්වන්දි එක දවසෙන් ඇල්ලුවානම් නුඹලා මොනව නොකරයිද. යුද්ධයක් දිනුවා නම්.
89 ජේ.වි.පී. කාරයා Thursday, 16 October 2025 09:36 AM
මේ නාටක හොඳයි රැල්ලට යන හරක් රැළට. මාලිමාව තමයි හොඳ , මාලිමාව තමයි කරන්නෙ කියන මෝඩ මානසිකත්වයෙන් පෙළෙනවුන් දන්නෙ නෑ රටේ සිද්ධවෙමින් පවතින නරක දේවල්. ඔවුන් හදන්න බෑ. ඔවුන් අන්වාදීන් . රටක් ජාතියක් ආගමක් ඔවුනට නෑ. තියෙන්නෙ අන්ධව බසාගත්ත පක්ෂයක් විතරයි.
Asela Thursday, 16 October 2025 10:29 AM
හොඳින් ක්‍රියාත්මක වන රජයක් වෘත්තිකයන් විසින් මෙහෙයවනු ලැබුවහොත්, මෙවැනි සිදුවීමක් අවධානයට ලක් නොවේ. නමුත් දකුණු ආසියාවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ, බොහෝ දෙනෙක් කුප්‍රකට සිදුවීමක් උද්දීපනය කරති. මේ අය එතරම් මෝඩද? සමහර විට, බොහෝ බයියෝ/ජෙබයියෝ සහ ටොයියෝ සිතන රටාව මෙය විය හැකිය. මේ රටට තවත් බොහෝ දේ කිරීමට ඇත, නමුත් දේශපාලනඥයින්, වහලුන් සහ සමස්ත රජයේ නිලධාරීන් සුළු දේවල් පසුපස හඹා යති.
Jagath Leanage Thursday, 16 October 2025 12:17 PM
ඔය ඉෂාර කියන බබලතීව මට කසාද බදින්න ආසාවක් ආවා. බැරිවෙයිද?
ආංශිකාThursday, 16 October 2025 02:26 PM
පිස්තෝලේ පොත ඇතුලේ නම් කැමති වෙයි.
කෝරලගේ Thursday, 16 October 2025 01:02 PM
මේ අසේල කියන කතාව මොනතරම් මොඩ බොරු කතාවක්ද? තනිකරම ඊර්ෂ්‍යාව වපුරන කතාවක්. අද රටේ ඕනෑම කෙනෙක් දන්නවා මාලිමා රජයට ඉස්සර තිබුණු ආණ්ඩු තනිකරම ආණ්ඩු කරණය කලේ පාතාලය සමග හවුලට... අද මාලිමා රජය රට දියුණුවේ මාවතේ කෙලින් ගමනක් යමින් රට හූරා කාපු කම්බ හොරුන් හිරේ දාලා දැඩි විනයකින් රට නියම මාවතකට දැඩි වෙහෙසක් දරා ගන්නවා. රටේ සමස්ත ජනතාවම මාලිමා රජය සමගයි.