ඇමෙරිකාවේ ‘කොවිඩ්’ වසංගතය අවසන් යැයි ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශය මුල්කොට ගනිමින්, ආන්දෝලනයක් හටගෙන තිබේ.
ජනාධිපති බයිඩන් මේ බව කියා සිටියේ, ‘60 මිනිට්ස්’ වාර්තා වැඩසටහන අතරතුරේය. ජනාධිපති බයිඩන් එසේ පැවැසුවත්, ඇමෙරිකන් සෞඛ්‍ය අංශ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නැත.
ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වසංගතයේ පාලනයක් සහ අඩුවක් දකින්න ලැබුණත් එය තව දුරටත් වසංගත තත්ත්වයක් නොවේ යැයි කීමට සුදුසු තත්වයක් නිර්මාණය වී නොමැති බවය.
තවමත් ලොව වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට තවමත් දිනකට ‘කොවිඩ් 19’ වසංගතයට බිලිවන ඇමෙරිකානුවන් ගණන 400 කි.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබි්‍රයේසිස් පසුගිය දා නිවේදනය කළේ ගෝලීය ‘කොවිඩ් 19’ වසංගතය අවසානයට ළං වී ඇති බවය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉවරයි කිව්වට කොරෝනා ඉවරම නෑ